අද දින උපන්දිනය සමරන ජනප්‍රිය ගායක උදය ශ්‍රී ගේ පවුලේ චායාරූප 30ක්

Celebrity

ලංකාවේ සිටින තවත් ජනප්‍රිය සහ දක්ෂ තරුණ ගායකයකු ලෙස උදය ශ්‍රී හදුන්වා දිය හැකිය. සෙන්ටිග්‍රේට් සංගීත කණ්ඩායමේ ආරම්භක පුරුකක් වන උදය ශ්‍රී, පළමුව ලංකාවේ සංගීත ලෝලීන් අතර ජනප්‍රිය වන්නේ 2004 දී ගායනා කළ ඩාර්ක් ඒන්ජල් ගීතයත් සමගිනි. මෙම ගීතය එදා නව යෞවනයන් සහ තරුණ තරුණියන් අතර ජනප්‍රියතම ගීතය වූ අතර මෙම ගීතයත් සමග ලංකාවේ සංගීත කලාවට නව්‍යකරණය මුසු විය. උදය ශ්‍රී ගේ පළමු ගීත ඇල්බමය වන්නේ 2005 වර්ශයේදී නිකුත් කළ උරුමය ගීත ඇල්බමයයි. එය එම වර්ශයේ ලංකාවේ වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය විය. කෙසේ නමුත් උදය 2010 වර්ශයේදී සෙන්ටිග්‍රේඩ් සංගීත කණ්ඩායමෙන් වෙන් වී තම සංගීත ගමන තනිවම ඉදිරියට ගෙනයාම ආරම්භ කළහ. ඔහු 2010 වර්ශයේදී තමන්ගේම රේකෝඩ් ලේබල් එක වන උදය ඇන්ඩ් වින්ඩි ආරම්භ කළහ. එදා මෙදා තුර ඔහු ගායන කළ ප්‍රසිද්ධ ගීත අතරින් පැහැසර ඔබේ ආදරේ, මගේ සිහිනයේ, නගේ, සදවතියේ, මගේ ආදරේ, දියුරාලා පවසන්න, රූසිරි යන ගීතයන් ප්‍රධාන වේ. අද දින මෙම සොදුරු ගායකයා තම උපන්දිනය සමරන අතර ඔහුට සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරමින් අද අප ඔබට පෙන්වන්නේ උදය ශ්‍රීගේ පවුලේ ඔබ නුදුටු චායාරූප 30ක එකතුවකි.

#1

#2

#3

#4

#5

#6

#7

#8

#9

#10

#11

#12

#13

#14

#15

#16

#17

#18

#19

#20

#21

#22

#23

#24

#25

#26

#27

#28

#29

#30

Leave a Reply

Your email address will not be published. Required fields are marked *