ඔබ වැඩක් නොකෙරුවත් වෙහෙසට සහ තෙහෙට්ටුවට පත්වීමට ප්‍රධාන හේතු 6ක්

Health

හේතුවකින් තිරව ඔබත් නිතරම වෙහෙසකාරි බව දැනෙනවාද? එය සෞඛ්‍යමය වශයෙන් එතරම් හොද දෙයක් නොවන බව වටහා ගත යුතු වේ. කිසිම ශාරීරය වෙහෙසට පත් වන ක්‍රියාකාර කමකින් තොරව ඔබට වෙහෙස සහ තෙහෙට්ටුව දැනේනම් එය වෛද්‍ය විද්‍යාත්මකව ෆැටීග් සින්ඩ්‍රෝම්(fatigue syndrome) ලෙස හැදින්වේ. අද අප ඔබට පෙන්වා දෙන්නේ මෙම තත්වය ඇති වීමට බලපාන ප්‍රධාන හේතූන් 7ක් පිළිබදවය.

 

1. ක්‍රියා කාරීත්වය අඩු බව

ඔබ සිතනවා ඇති ඔබ මහන්සි වී වැඩ කර නිවසට පැමිණි පසු පුටුවක හෝ ඇදෙහි වාඩී වී විවේක ගැනීම මගින් ඔබේ මහන්සිය අඩු වන බව. ඔව් එමගින් ඔබේ වෙහෙසකර බව යම්තාක් දුරකට අඩු විය හැක. නමුත් සතියකට අවම වශයෙන් 3න් වතාවක්වත් විනාඩි 20 බැගින් නිසි ව්‍යායාම වල නිරත වීම මගින් මෙම නිතර දැනෙන වෙහෙසකර බව මගහරවා ගත හැකි බව 2008දී සිදු කළ සමීක්ෂණයකින් හෙලිවී ඇත.

 

2. අඩු නින්දක් ලැබීම හෝ නින්ද නොයෑම

සමහරවිට ඔබට ප්‍රමානවත් ලෙස නිදා ගැනීම සිදු කළත් නින්දෙන් අවධි වූ පසු ඔබට වෙහෙසකර බව දැනිය හැක එසේ වීම හේතුව වන්නේ. ඔබ විවිධ දිනයන්හි විවිධ් වෙලාවන් වල නින්දට යාම සහ විවිධ වෙලාවන් වල උදෑසන අවධි වීම වේ. එම නිසා ඔබේ නින්ද සදහා නිසි කාලසටහනක් භාවිතා කරන්න.

 

3. නිසි පෝෂනයෙන් යුත් ආහාර නොගැනීම

Refined carbs නැතිනම් පිරිපහදු කළ කාබෝහඩ්‍රේට අඩංගු ආහාර ඔබේ ශරීරය ගක්තිය ලබා දෙන හොද ප්‍රභවයකි. ඔබ ගන්නා ආහාර සමබරව සහ සිනී අඩු, තන්තු සහ අනෙකුත් ශක්තිජනක පෝෂය පධාර්ථ වැඩි ආහාර ගැනීමට සැලකිලිමත් වන්න. මන්ද ඔබ නිසි ආහාර වේලක් නිසි ප්‍රමාණ වලින් නොගත හොත් ඔබේ රුධිරයේ සීනී මට්ටම නියමිත මට්ටමට වඩා අඩු වී නැවතත් ඔබේ ශරීරය වෙහෙසකර සහ තෙහෙට්ටුවට පත්වේ.

 

4. ප්‍රමානවත් ලෙස ජලය පානය නොකිරීම

ඔබට පිපාසය දැනෙන වෙලාවට ඔබ ජලය පානය නොකර සිටිය හොත් එමගින් ශරීර අභ්‍යන්තරයේ සිදුවන ජීව රසායනික ක්‍රියාවලිය මගින් ඔබව dehydrated නැතිනම් විජලනයට ලක් කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔබට වෙහෙසකර බව සහ තෙහෙට්ටුව තදින්ම දැනේ. එම නිස අවශය ලෙස ජලය පානය කිරීම වැදගත් වේ.

 

5. විටමින් ඌණතා

ඔබේ ශරීරයට නිසි ලෙස විටමින් නොලැබුන හොත් ඔබේ ශරීරය කිසිදු හේතුවකින් තොරව විඩාවට සහ තෙහෙට්ටුවට පත් වේ. මේ සදහා ප්‍රධානව බලපානු ලබන විටමින් වර්ග වනුයේ විටමින් D සහ විටමින් B12 වේ. මෙම විටමින් වර්ග දෙක අඩුවීම මගින් ශරීරය තෙහෙට්ටුවට පත්වේ. එම නිසා විටමින් D සහ විටමින් B12 අඩංගු ආහාර නිසි ලෙස ගැනීම වැදගත් වේ.

 

6. ඔබට ආහාර සංකූලතා තිබිය හැක

ඔබටත් කිසිම හේතුවකින් තොරව දවස පුරාවට වෙහෙසකර බව දැනේනම් එයට හේතුව food intolerance නැතිනම් ආහාර සංකූලතා විය හැක. මේ සදහා වෛද්‍ය උපදෙස් ගැනීම සුදුසු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *