තක්කාලි වල ඇති ඔබ නොදත් සුවිශේෂි ගුණ 10ක්

News

සොලානුම් ලයිකොපෙර්සිකුම් යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන තක්කාලි වල පෝෂ්‍ය පධාර්ථ විශාල සංඛ්‍යාවක් අඩංගු වේ. කැල්සියම්, මැග්නීසියම්, අයන්, කොබලාමින්, ප්‍රෝටීන්, කාබොහය්ඩ්‍රේට, පොටෑසියම් සහ විටමින් A, D, C, B-6 යහමින් අඩංගු වන පළතුරකි. බොහෝ මිනිසුන් මෙය එළවළුවක් ලෙස භාවිතා කලත් ඇත්තවශයෙන්ම මෙය පළතුරකි.

තක්කාලි වල ඇති සුවිශේෂි සංඝඨක මගින් මිනිසා නිරෝගීව තැබීම සදහා විශාල සහයක් ලබා දේ. නිතරම තක්කාලි විශේෂයෙන්ම අමු තක්කාලි ඔබේ ආහාර වලට වැඩි වශයෙන් යොදා ගැනීමෙන් සෞඛ්‍ය ප්‍රතිලාභ රාශියක් ඔබට ලබා ගත හැකි වේ. පහත ඇත්තේ තක්කාලි වල ඇති ඔබ නොදත් සුවිශේෂි ගුණ 10ක් පිළිබද විස්තරයකි.

 

1. පැහැපත් සමක් සහ දීප්තිමත් කෙස්කලඹක් ලබා දේ

තක්කාලි වල විශාල වශයෙන් ලයිකෝපීන් අඩංගු වේ. ලයිකෝපීන් මගින් සම පිරිසිදු කරන අතර සමට පැහැපත් බවක් ලබා දේ. තවද තක්කාලි වල ඇති විටමින් C හොද ප්‍රති ඔක්සිකාරකයක් නිසා කොලැජන් නිශ්පාධනය වැඩි කරන අතර එමගින් ඔබගේ සමේ ඉලාස්ටික් ගතිය නැතිනම් සමේ ඇදෙන බව වැඩි මේ එම නිසා වයසට යාමත් සමග සමේ ඇති වන රැළි වැටීම් ඇති වීම අවම කරයි. තක්කාලි වල ඇති විටමින් A, B, C සහ E මගින් කෙස් වැටීම අඩු කර ඔබට නීරෝගීමත්, දීප්තිමත් සහ දිගු කෙස් කළඹක් ලබා දේ.

 

2. පිළිකා සෛල වලට එරෙහිව ක්‍රියා කරයි

තක්කාලි වල ඇති ලයිකෝපීන් සහ ප්‍රති ඔක්සිකාරක පයිටෝ රසායනයන් මගින් පිළිකා සෛල වර්ධනය බාල කරන අතර විශේෂයෙන් මහා බඩවැලේ සහ පුරස්ථි ග්‍රන්ථි වල පිළිකා ඇති වීම වළක්වනු ලබයි.

 

3. අස්ථි ශක්තිමත් කරයි

විටමින් K, කැල්සියම් සහ ලයිකෝපීන් තක්කාලි වල වැඩි වශයෙන් අඩංගු වන අතර මෙම සංඝඨක සහ විටමින මගින් අස්ථි ශක්තිමත් කරන අතර අස්ථි වර්ධනය කිරීමද සිදු කරයි. තක්කාලි ග්‍රෑම් 100ක කැල්සියම් ග්‍රෑම් 110ක් අඩංගු වේ.

 

4. දුම් පානය මගින් ශරීරයට ඇති වන අහිතකර බලපෑම් අවම කරයි

තක්කාලි වල ඇති කූමරික් අම්ලය සහ ක්ලෝරෝජෙනික් අම්ලය මගින් දුම් පානය මගින් ශරීරයට සිදු වන බලපෑම අඩු කරන අතර ඔබ දුම්පානය කර අතහැරි අයෙකුනම්, වැඩි වශයෙන් තක්කාලි අනුභවය මගින් දුම්පානයෙන් ඔබගේ ශරීරයේ අභ්‍යන්තරයට සිදුවූ බලපෑම අවම කර ගත හැක.

 

5. හොද ප්‍රති ඔක්සිකාරක ගුණ ඇත

ලයිකොපීන්, විටමින් A සහ විටමින් C තක්කාලි වල බහුලව අන්තර්ගත වේ. මෙම විටමින් සහ සංඝඨක මගින් ඔක්සිකාරක නිසා ශරීරයට සිදුවන හානිය කරයි. මේ සදහා වැඩි වශයෙන් අමු තක්කාලි ආහාරයට ගත යුතු වේ.

 

6. හදවත් රෝග ඇති වීම වළක්වයි

තක්කාලි වල ඇති විටමින් A, E, B සහ පොටෑසියම් මගින් ඔබගේ කොලෙස්ටරෝල් සහ රුධිර පීඩනය පාලනය කරනු ලබයි. තවද තක්කාලි වල ඇති ප්‍රති ඔක්සිකාරකයක් වන ෆ්ලේවනොයිඩ් මගින් හදවත් රෝග ඇති වීමේ අවධානම අඩු කරයි.

 

7. රුධිරයේ සීනී මට්ටම පාළනය කරනු ලබයි

තක්කාලි වල ක්‍රෝමියම් නම් ඛනිජලවණයක් ඇත. මෙම ක්‍රෝමියම් මගින් ලේ වල ඇති සීනී මට්ටම නියත මට්ටම් වලින් පවත්වාගෙන යාම සදහා වැදගත් වේ.

 

8. ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි

තක්කාලි වල ඇති සුවිශේෂි සංඝඨක සහ සංයෝග මගින් ආහාර ජීර්ණය ක්‍රමවත් කරන අතර තක්කාලි වල ඇති තන්තු මගින් මළ බද්ධය ඇති වීම වළක්වනු ලබයි.

 

9. ප්‍රතිශක්තීකරණය ඉහළ දමයි

තක්කාලි වල විටමින් C බහුල වශයෙන් අඩංගු වන නිසා ඔබගේ ප්‍රතිශක්තීකරණය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහළ නන්වයි. තක්කාලි වල ඇති ලයිකෝපීන් සහ ප්‍රති ඔක්සිකාරක සංඝඨක මගින් සෛල වලට වන හානිය අවම කරන අතර මෙමගින්ද රතිශක්තීකරණය පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉහළ නන්වයි.

 

10. අනවශ්‍ය මේදය ශරීරයෙන් ඉවත් කරයි

තක්කාලි මගින් ඇමයිනෝ අම්ල සහ කාර්නිටයින් නිෂ්පාධනය වේගවත් කරන නිසා අනවශ්‍ය මේද කොටස් ස්වභාවිකවම දියකර හරිනු ලැබේ. එම නිසා ශරීරයේ තරබාරු බව ක්‍රමානුකූලව අඩු කර ගත හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *