ලෙමන් වලින් නිවසේදීම වයිට්නින් ක්‍රීම් එකක් සාදා ගන්නා ආකාරය

News

සමේ පැහැපත් බව ලබා ගැනීම සදහා අප නොයෙකුත් ආලේපන භාවිතා කරති. මෙම ආලේපන මිලෙන් ඉතා අධික ඒවා වන අතර බොහෝමයක් නිපදවා ඇත්තේ කෘතිම රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින්ය. මෙම ආලේපන වලින් යම් ප්‍රතිඵලයක් තිබුනත් කාලයක් යාමේදී සමේ ආසාදන තත්වයන් හෝ සම ආශ්‍රිත අහිත කර බලපෑම් ඇති විය හැක. එම නිසා විශේෂයෙන් වයිට්නින්ග් ක්‍රීම් භාවිතයේදී ඔබ ඉතාමත් සැළකිලිමත් විය යුතු වේ.

අද ලිපියෙන් අප ඔබට පෙන්වන්නේ හිතා ගන්නවත් බැරි විදිහෙ අඩුම අඩු වියදමකින් නිවසේදීම පැහැදිළි ප්‍රතිඵල ලබා දෙන වයිට්නින්ග් ක්‍රීම් එකක් සාදා ගන්නා ආකාරය පිළිබදවය. මෙම විශේෂිත home made ක්‍රීම් එක මගින් ඔබේ මුහුනේ ඇති අදුරු ලප කැළැල් ඉවත් කර පැහැපත් සහ සිනිදු සමක් ඔබට ලබා දේ.

 

1. වයිට්නින්ග් ක්‍රීම් එක සාදා ගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය

මෙම ආලේපනය ලෙමන් වයිට්නින් ක්‍රීම් ලෙස හදුන්වයි. මෙම ක්‍රීම් එක සාදා ගැනීම සදහා අවශ්‍ය වන්නේ, ලෙමන් යුශ මිලිලීටර 15ක් , පැණි රස නැති කාබනික යෝගට් ග්‍රෑම් 250ක්(මෙම පැණි රස නැති කබනික යෝගර්ට් ඔනෑම සුපිරි වෙළද සැළකින් ලබා ගත හැක) සහ රෝස වතුර බින්දු 3ක් 4ක්. රෝස වතුර සාදා ගැනීම සදහා හොදින් වැඩුනු රෝස මල් 3ක් පමණ ගෙන එය පිරිසිදු ජලයෙන් සෝදා වතුර කෝප්ප එකක් පමණ භාවිතා කළ මද ගින්නේ රෝස පෙති වල පැහැය ඉවත්ව යන තෙක් තම්බා ගන්න. පසුව පාට නොමැති රෝස පෙති ඉවත් කර වෙනත් භාජනයකට දමා හොදින් සිසිල් වන තුරු ශීතකරණයේ තබන්න.

 

2. පළමුව ලෙමන් යුශ සහ යෝගට් මිශ්‍ර කරන්න

භාජනයක් ගෙන යෝගට් සහ ලෙමන් යුශ හොදින් මිශ්‍රවන ලෙස විනාඩි කිහිපයක් කළවම් කර ගන්න. මෙඅන් යුශ වය විටමින් C අඩංගු වේ. එමගින් සෛලවල මෙලනින් නිෂ්පාධනය අවම කරයි. මෙම නිසා සම අදුරු පැහැ ගැන්වීම සහ සම තලෙලු වීම වළක්වයි. යෝගට් වල ඇති ලැක්ටික් අම්ලය මගින් ඔබේ සම පිරිසිදු කර සම පැහැපත් කරනු ලබයි.

 

3. මිශ්‍රණයට රෝස වතුර බින්දු කිහිපයක් එක් කර ගන්න

යෝගර්ට් සහ ලෙමන් යුශ හොදින් මිශ්‍ර කර ගත් පසු එයට රෝස වතුර බිංදු 3ක් 4ක් එකතු කර ගන්න. දැන් සියල්ල විනාඩි කිහිපයක් හොදින් මිශ්‍ර කර ගන්න. රෝස ජලයෙහි ඇති සුවිශේෂි සංයෝග මගින් ඔබේ මුහුනට දීප්තියක් ලබා දේ.

 

4. මිශ්‍රණය භාජනයකට දමන්න

දැන් මිශ්‍රනය හොදින් මිශ්‍ර වී ඇත. එම නිසා උඩින් වසා ගත හැකි ආකාරයේ වාතය නොයෙන පිරිසිදු භාජනයකට මෙම මිශ්‍රනය දමා ගන්න. පසුව ශීතකරනයේ තබා භාවිතයට ගන්න. මෙම විශේෂ වයිට්නින් ක්‍රීම් එක සති 2ක්ත් 3ත් අතර කාළයක් භාවිතා කළ හැක. මෙය වාතයට නිරාවරනය නොවන සේ ශීතකරනයේම තබා ගැනීමට වග බලා ගන්න. මන්ද මෙම මිශ්‍රනයේ යෝගට් ඇති නිසා මිශ්‍රනය වාතයට වැඩි වේලාවක් නිරාවරනය වුවහොත් ක්ශුද්‍ර ජීවී ප්‍රතික්‍රියා සිදුවීමෙන් මෙම ආලේපනය භාවිතයට නොසුදුසු විය හැක.

 

5. මෙම ක්‍රීම් එක ඔබේ සමේ ගල්වා ගන්නා ආකාරය

මෙම ක්‍රීම් එක දවසේ ඔනෑම වෙලාවක භාවිතා කළ හැකිය. නමුත් වඩා හොද ප්‍රතිඵල ලබා ගැනීම සදහා මෙය රාත්‍රී නින්දට පෙර නයිට් ක්‍රීම් එකක් ලෙස භාවිතා කිරීම ඉතා යෝග්‍ය වේ. මන්ද මෙම මිශ්‍රනයේ වැඩි වශයෙන් ලැක්ටික් අම්ලය අඩංගු වේ. ලැක්ටික් අම්ලය ආලෝකයට ඉතා සංවේදී වේ. එම නිසා මෙය රාත්‍රී නින්දට පෙර භාවිතයෙන් වඩා හොද ප්‍රතිඵල ලබා ගත හැකිය. රාත්‍රී නින්දට පෙර ඔබේ මුහුනේ ගල්වා හොදින් විනාඩියක් පමණ මසාජ් කර ගන්න. පසුදින උදෑසන අවධිවීමෙන් පසුව මද රාස්නය ජලයෙන් ඔබේ මුහුන සෝදා හරින්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *