සතියට කිහිපවරක් කැරට් යුශ පානය මගින් ඔබගේ ශරීරයට සිදුවන දේවල් 7ක්

Beauty Health

බොහෝ දෙනා පිස ගත් කැරට් අනුභවය සදහා වැඩි කැමැත්තක් දක්වති. නමුත් කැරට් යුශ වල ඊට වඩා වැඩි සෞඛය ගුණාංග රාශියක් ඇති බව මින් පෙර දැන සිටියාද? විශේෂයෙන්ම උදෑසන කැරට් යුශ වීදුරුවක් පානය කිරීම මගින් ඔබගේ ශරීරයේ නිරෝගී භාවය සහ රූපලාවන්‍ය ගුණ වැඩි කර ගත හැකිය. කැරට් යුශ වල විටමින් A, C, K, B6, රයිබොෆ්ලේවීන්, නියැසින්, තයිමීන්, කෝලයින්, පැන්තොටෙනික් අම්ල, සින්ක්, කොපර්, මැංගනීස්, සෙලෙනියම්, පොටෑසියම්, පොස්පරස්, බීටා කැරොටීන්, ෆෝලේට්, ඛනිජ, තන්තු සහ ප්‍රති ඔක්සිකාරක රාශියක් අඩංගු වේ. මෙම විශේෂ විටමින සහ අනෙකුත් සංයෝගයන් මගින් ඔබට නිරෝගී ශරීරයක් අත්කර දෙනවා සේම ඉතා පැහැපත් නිකළැල් සමක්ද ඔබට ලබා දේ.

වෛද්‍යවරුන් පවසන ආකාරයට කැරට් යුශ නිතර පානය මගින් ඔබගේ ඇස් වල ඇති රෝග දුරු වී පෙනීම දියුණු වේ. තවද ඔවුන් පවසන්නේ තරබාරු කම අඩු කර ගැනීම සදහාත් පිළිකා වැළදීම අවම කර ගැනීම සදහාත් කැරට් වැදගත් වන බවයි. කැරට් යුශ ඔක්සිකාරක මගින් ශරීරයට සිදුවන හානිය අවම කරන නිසා හදවත් රෝග සෑදීමේ අවධානම අඩු වේ. ලංකාවේ ජනප්‍රිය නොවූවාට උදෑසන කැරට් යුශ පානය බොහෝ රටවල පිරිස් සිදු කරන දෙයකි. අද අප ඔබට පෙන්වන්නේ සතියට කිහිප වරක් කැරට් යුශ පානය මගින් ඔබගේ ශරීරයට සිදුවන දේවල් 7ක් පිළිබද විස්තරයකි.

 

1. ඇස් වල රෝග දුරු කර ඇස් පෙනීම දියුණු කරයි

කැරට් වල විටමින් A බහුලව අඩංගු වන අතර විටමින් A පෙනීම සදහා වැදගත් වන විටමින් වර්ගයක් ලෙස සැළකේ. කැරට් යුශ වල ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක් වන ලූටීන් අඩංගු වේ. ලූටීන් මගින් මොලිකියුලර් ඩි ජෙනෙරේශන් නැතිනම් අක්ෂි පරිහාණියට පත් වීම වළක්වනු ලබයි. කැරට් වල අඩංගු කැරොටිනොයිඩ් මගින් දෘෂ්ටි විතානයේ ගැන්ග්ලිය සෛල හානි පැමිණි වීම වළක්වන නිසා ඇස් වල පෙනීම සම්බන්ධ විවිධ රෝග ඇති වීම අවම කරනු ලබයි.

 

2. සම පැහැපත් කරයි

කැරට් වල විටමින් C, E, K සහ කැරොටිනොයිඩ් බහුලව අඩංගු වේ. ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක් වන විටමින් C මගින් කොලැජන් නිෂ්පාධනය වැඩි කරන අතර එමගින් සම වයසට යාමේදී ඇති වන රැළි වැටීම් අඩු කර සමේ තරුණ බව රැක දේ. කැරට් යුශ වල අඩංගු කැරොටිනොයිඩ් මගින් සම පැහැපත් කර හානියට පත් වූ සමේ සෛල ප්‍රතිස්ථාපනය කරන අතර අදුරු කැළැල් ඉවත් කර සමට ඒකාකාර පැහැපත් බවක් ලබා දේ. කැරට් යුශ වල ඇති විටමින් E සහ බීටා කැරොටිනොයිඩ් මගින් අහිතකර හිරු කිරණ මගින් සමට වන බලපෑම අඩු කරන අතර විටමින් K මගින් සමේ ඇතිවන තුවාළ ඉක්මනින් සුව කරන අතර සමේ ඇති විවිධාකාර කැළැල් සමෙන් ඉවත් කරනු ලබයි.

 

3. පිළිකා ඇති වීමේ අවධානම අඩු කරයි

කැරට් යුශ වල ඉතා ප්‍රභල ප්‍රති ඔක්සිකාරක රාශියක් අඩංගු වේ. එමගින් ඔබගේ DNA වලට සහ සෛල වලට සිදු වන හානිය අවම කරන අතර එමගින් පිළිකා ඇති වීමේ අවධානම අඩු වේ. සතියට කිහිපවරක් කැරට් යුශ පානය මගින් විශේෂයෙන්ම මුත්‍රා මාර්ගය ආශ්‍රිතව පිළිකා ඇති වීමේ අවධානම අවම කරනු ලබයි. තවද කැරට් යුශ වල ඇති තන්තු මගින්ද පිළිකා ඇති වීම වළක්වනු ලබයි.

 

4. හදවත් රෝග වලින් ආරක්ෂා කරයි

සතියට කිහිපවරක් කැරට් යුශ පානය මගින් හදවත් රෝග සෑදීමේ අවධානම සැළකිය යුතු ලෙස අඩු කරනු ලැබේ. විශේෂයෙන්ම කැරට් යුශ වල ඇති ප්‍රති ඔක්සිකාරක මගින් මේ සදහා උපකාරීවේ. කැරට් වල ඇති ජෛව සක්‍රීය සංඝඨක වන පොලි ෆීනෝල් සහ නයිට්‍රේට් මගින් රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් මට්ටම පාළනය කරනු ලබයි. තවද කැරට් යුශ වල ඇති බීටා කැරොටීන් මගින් එන්ඩොතීලියමේ අක්‍රීයතාවයන්( රුධිර නාළ වල සෛල අක්‍රීය වීම) නැති කරන අතර හදවත් පුරා රුධිරය සංසරණය වීම ක්‍රමවත් කරනු ලබයි.

 

5. මොළයේ රෝගාබාධයන් ඇති වීම පාළනය කරයි

කැරට් යුශ වල ඇති බීටා කැරොටීන් මගින් මතක ශක්තිය වැඩි කරන අතර ඔක්සිකාරක මගින් මොළයේ සෛල වලට ඇති වන බලපෑම අවම කරනු ලබයි. කැරට් යුශ කෝප්ප 1ක පොටෑසියම් මිලිග්‍රෑම් 689ක් අඩංගු වේ. එම පොටෑසියම් සංයුතිය මගින් මොළයේ රුධිරනාළ වල ලේ කැටි සිරවීම් වැනි දෑ ඇති වීම වම කරනු ලබයි.

 

6. ප්‍රතිශක්තීකරණය ඉහළ නන්වයි

කැරට් යුශ වල අඩංගු විටමින් A සහ කැරොටිනොයිඩ් මගින් ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ නන්වන අතර T සෛල නිෂ්පාධනය සහ බෙදා හැරීම වේගවත් කරනු ලබයි. T සෛල යනු සුදු රුධිරාණු සෛල වර්ගයක් වන අතර එමගින් ශරීරය ආසාධන වීම් වලින් වළක්වනු ලබයි. කැරට් යුශ වල ඇති විටමින් C මගින්ද ශරීරයේ ප්‍රතිශක්තීකරණය ඉහළ නන්වනු ලබයි.

 

7. ගැබ්බර කාන්තාවන් සදහා විශේෂ වේ

කාන්තාවන්ගේ ගැබ්බර කාලය තුළ විටමින් B, A, C, ෆෝලික් අම්ලය, අයන්, කැල්සියම් යන පෝෂක කොටස් අවශ්‍ය ප්‍රමාණ වලින් ශරීරයට ලැබීම ඉතා වැදගත් වේ. මෙමගින් ගැබ්බර කාලය තුළ මවගේ සහ දරුවාගේ නිරෝහී භාවය වැඩි දියුණු වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *