අවුරුදු 20 ක පෙනුමැති නමුත් අවුරුදු 51 ක් වන මිනිසා ගන්නා අහාර සහ ඔහුගේ තරුණ පෙනුමෙහි රහස

Beauty Health

1967දී උපත ලැබූ චුඅන්ඩෝ ටෑන් නම් සින්ගපූරු ජාතික චායාරූප ශිල්පියකු පිළිබද මේ දිනවල අන්තර්ජාලයේ වැඩි දෙනෙකු කතා කරමින් සිටී. ඔහුගේ චායාරූප විශාල සංඛ්‍යාවක් අන්තර්ජාලයෙහි සංසරණය වී ඇති අතර බොහෝ දෙනෙකුට ඔහුගේ පෙනුම පිලිබදවය ඇත්තේ ප්‍රෙහෙළිකාවකි. මන්ද ඔහුගේ වයස සත්‍ය වශයෙන් අවුරුදු 51ක් වන අතර නමුත් ඔහුගේ පෙනුම ඉතා ලාබාල අවුරුදු 21ක පමණ තරුණයකුගේ මෙන් වේ.

අද අප ඔබට පෙන්වන්නේ චුඅන්ඩෝ ටෑන් ඔහුගේ තරුණ බව රැක ගැනීම සදහා සිදු කළ දේවල් පිලිබද විස්තරයකි. ඔහු සදහන් කරන ආකාරයට සිගරට් සහ මත් පැන් පානය නතර කළම යුතු අතර වැඩිපුර ජලය සහ වස විස නැති එළවළු පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම තරුණ බව රැක ගැනීම සදහා අත්‍යවශ්‍ය වන බවයි. පහත ඇත්තේ මෙම පුද්ගලයා විසින් ඔහුගේ තරුණ බව රැක ගැනීම සදහා අනුගමනය කළ දේවල් 5කි.

 

1. ඔහු උදෑසන ආහාරය සදහා බිත්තර 6ක් අනුභව කරනු ලබයි

ඔහුට අනුව ආහාර ඔබ රෝගීද නිරෝගීද යන්න තීරණය කරයි. ආහාර ඔබේ පෙනුම සදහා 70% ක් පමණ බලපෑම් කරන අතර ඉතිරි 30% සදහා ව්‍යායාම් බලපාන බව ඔහුගේ අදහසයි. එම නිසා ඔහු උදෑසන ආහාරය සදහා හොදින් තම්බා ගත් බිත්තර 6ක් ආහාරයට ගන්නා අතර බිත්තර 2ක් පමණක් කහා මදය සමග ආහාඅරයට ගනු ලබයි. මීට අමතරව ඔහු කිරි, බෙරි සහ අලිගැටපේර ද උදෑසන ආහාරයට එකතු කර ගනු ලැබේ. ඔහු සිගරට් සහ මත් පැන් පානය නොකරන අතර කොෆි සහ තේ පානයද නොකරයි.

 

2. සෑම දිනකම අවම වශයෙන් විනාඩි 60ක කාලයක් ව්‍යායාම් වල නිරත වේ

ඔහු සතියට 4 වරක් බර උස්සන ව්‍යායාම වල නිරත වන අතර, 3 වරක් පමණ අනෙකුත් ව්‍යායාම වල නිරත වේ. ඔහු පවසන අන්දමට ඔහු වැඩි අවධානයක් යොමු කරන්නේ කාර්ඩියෝ ව්‍යායාම සදහාය. ඔහු සෑම දිනකම පිහිණුම් කටයුතු වලද නිරත වේ.

 

3. රාත්‍රී කාලයේදී ස්නානය නොකරයි

ඔහු සෑම දිනකම රාත්‍රී 11ට පෙර නින්දට යන අතර පසුදා උදෑසනම අවදි වේ. ඔහු රාත්‍රී කාලයේදී ව්‍යායාම කිරීම හෝ ස්නානය කිරීම සිදු කරන්නේ නැත. ඔහු පවසන අන්දමට රත්‍රියේදී ස්නානය කිරීම වැරදි සෞඛය පුරුද්දක් වේ. තවද ඔහු නිදා ගැනීමට පැය 5-6 කට පෙර රාත්‍රී ආහාරය ගැනීම සිදු කරයි.

 

4. රූපලාවන්‍ය නිෂ්පාධන භාවිතයට නොගනී

ටැන් පවසන්නේ සමහර පිරිස් ඔහුව විශ්වාස නොකරන බවත් ඔවුන් සිතන්නේ තමන් ප්ලාස්ටික් සැත්කමක් මගින් මෙවැනි තරුණ පෙනුමක් ලබා ගෙන ඇති බවත්ය. නමුත් ඔහු පවසන්නේ ඔහු කිසිදු රූපලාවන්ය ද්‍රව්‍යක් භාවිතා නොකරන බවයි.

 

5. ඔහු තමන් කැමති දේ පමණක් කරති

ඔහු පවසන ආඅකාරයට ඔහු රැකියා විශාල ප්‍රමාණයක් කළ අතර එම කිසිදු රැකියාවකින් ඔහු සෑහීමකට පත්වී නැත. පසුව ඔහු වැඩියෙන්ම ආශා කළ චායාරූප ශිල්පයට යොමු වී ඇත. ඔහු පවසන්නේ තමන් කැමති දේ කිරීමෙන් ඔබ මානසික වශයෙන් නිදහස් පුද්ගලයකු වන බවයි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *