ඔබේ සමෙහි තරුණ බව දිගුකල් පවත්වා ගෙන යාමට හැකි සරළ ක්‍රම සහ උපදෙස් 7ක්

Beauty

සෑම කෙනෙකුම ලස්සන නිරෝගී සමක් ලබා ගැනීම සදහා නොයෙකුත් දේවල් කරති. විශේෂයෙන්ම කාන්තා පාර්ෂවය සම සදහා දක්වන උනන්දුවට පිරිමි පාර්ෂවයට සාපේක්ෂව වැඩිය. අද ලිපිය ලස්සන නිරෝගි සමක් ලබා ගැනීමට කැමති කාන්තාවන් සදහාම ලියන ලද විශේෂ ලිපියකි. ඔබේ සමෙහි තරුණ බව දිගුකල් පවත්වා ගෙන යාමට හැකි සරළ ක්‍රම 7ක් මෙම ලිපියෙහි අන්තර්ගත වන අතර මෙම සරළ ක්‍රම සමේ තරුණ බව දිගුකල් පවත්වාගෙන යාම සදහා ඉතා වැදගත් වේ.

ජාත්‍යන්තර ප්ලාස්ටික් සැත්කම් සංගමයේ දත්ත වර්ථාවලට අනුව පසුගිය වසරේ පමණක් මිලියන 17ක පමණ සංඛ්‍යාවක් තමන්ගේ මුහුනේ තරුණ බව රැක ගැනීමට විශාල වියදමක් යොදවා ප්ලාස්ටික් සැත්කම් කරගෙන ඇත. ඔබේ සමේ පේෂ්‍ය ගුණය අඩු වූ විට ඔබේ සමේ ඇදීමේ නැතිනම් ඉලාස්ටික් ගතිය අඩුවී ඔබේ සමේ රැලි වැටීම ආරම්භවේ. පහත ඇත්තේ ඔබෙ කුමන වයස් ඛාණ්‍ඩයක සිටියත් නිවසේදීම වැඩි වියදමකින් තොරව ඔබේ තරුණ පෙණුම රැක ගෙන සම රැලිවැටීම සහ සමෙහි අනෙකුත් ප්‍රශ්ණ වලක්වාගත හැකි සරළ ක්‍රම සහා උපදෙස් 7කි.

 

1. බිත්තර සහ මීපැණි මිශ්‍රණය

මේසදහා බිත්තර කහ මදය ඉවත් කර සුදු මදය යොදා ගත යුතුය. නවතම අධ්‍යනයකට අනුව බිත්තර සුදු මදය මගින් මුහුනේ සහ බෙල්ල අවට සම රැළි වැටීම අවම කරන අතර සම වයසට යාමද අවම කර සමට අවශ්‍ය පෝෂක ලබා දේ. බිත්තර සුදු මදයේ ප්‍රධාන ප්‍රෝටීන ඛාණඩ 69ක් පමණ අඩංගු බව සදහන් වේ. මීපැණි හොද ප්‍රති ඔක්සිකාරකයක් ලෙස හැදින්වෙන අතර එමගින් සමෙහි ඇති කුණු සහ විශබීජ ඉවත් කර සමේ තෙතමනය රැක ගැනීමට උපකාරි වේ. බිත්තර සහ මීපැණි මිශ්‍රණය සදා ගන්නේ මෙසේය. බිත්තරයක් ගෙන එයින් සුදු මදය ඉවත් කර භාජනයකට දමා ගන්න දැන් එයට මීපැණි මේස හැදි 2ක් යොදා හොදින් කළවම් කර මිශ්‍රණයක් සදා ගන්න. මෙම මිශ්‍රණය ඔබේ මුහුනේ සහ බෙල්ලේ ගල්වා විනාඩි 20ක් පමණ තබා ඇල් ජලයෙන් සොදා ගන්න.මෙය සතියට 1ක් වරක් කිරීම ප්‍රමාණවත් වේ.

 

2. බේකින් සෝඩා සහ පොල්තෙල් මිශ්‍රණය

බේකින් සෝඩා සහ පොල්තෙල් වල anti-aging නැතිනම් සම වයසට යාම පලනය කරන සාදක අඩංගු වේ. තවද බේකින් සෝඩා සහ පොල්තෙල් මගින් මැරුණු සෛල ඉවත් කර කොලැජන් තන්තු නිශ්පාධනය වැඩි කරණු ලබයි. මෙම මිශ්‍රණය සදා ගන්නේ මෙසේය. වතුර ජෝග්ගුවක් ගෙන එයට 1/4 ක් වතුර දමා බේකින් සෝඩා මේසහැදි 3ක් දමා මිශ්‍රණය තලපයක් වන සේ මිශ්‍ර කර ගන්න. දැන් මෙම මිශ්‍රණය ඔබේ මුහුනේ සහ බෙල්ල ප්‍රදේශයේ ගල්වා විනාඩි 10ක් පමණ තබා ඇල් ජලයෙන් සොදා හරින්න. මෙය උදේ කාලයේදී සතියට දින 2ක් හෝ 3ක් කිරීම ප්‍රමාණවත් වේ.

 

3. පිපිඤ්ඤා යුශ භාවිතය

ඔබේ වයස 20 පසු වූ විට සමේ කොලැජන් නිශ්පාධනය සෑම වසරකදීම 1% කින් අඩුවේ. එම නිස ඔබේ මුහුණ සහ බෙල්ල අවට ප්‍රදේශ‍යේ සම කෙමෙන් කෙමෙන් ඇදෙන ගතිය අඩුවී කෙමෙන් කෙමෙන් තුනී වීමට පටන් ගනී. කොලැජන් සමේ ඉලාස්ටික් ගතිය හා ඝන බව පාලනය කරනු ලබයි. පිපිඤ්ඤා යුශ භාවිතය මගින් සමෙහි ඇති අහිතකර අම්ල වර්ග ඉවත් කර සමෙහි සෛල වලට කොලැජන් නිපදවීමට අවශ්‍ය වටපිටාව සදා දෙනු ලබයි. පිපිඤ්ඤා යුශ භාවිතයට ගන්නේ මෙසේය. පිපිඤ්ඤා ගෙඩියක් ගෙන පොතු ඉවත් කර කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එය පෙනේරයක් මගින් පෙරා ගන්න. ඔබේ මුහුණ සොදා පිරිසිදු කර ගෙන පුලුන් කැබැල්ලක් අදාරයෙන් මෙම පිපිඤ්ඤා යුශ ඔබේ මුහුනේ සහ බෙලේ තවරා ගන්න. පසුව විනාඩි 20ක් පමණ තබා වෙලීමට හැර සීතල ජලයෙන් සොදා ගන්න.

 

4. බීටා කැරොටින් සහ විටමින් A ලබදෙන අහාර වැඩි වශයෙන් ගැනීම

නවතම අධ්‍යනයකට අනුව බීටා කැරොටින් සහ විටමින් A ලබදෙන අහාර වැඩි වශයෙන් ගැනීමේදී ඔබේ සම වයසටයාම ඉතා අඩුකරන බව හෙළිවී ඇත. බීටා කැරොටින් මගින් හිරු ගේ පාරජම්බුල කිරණ වලින් සමට සිදුවන හානියද අවම කිරීමට සමත්වේ. විටමින් A මගින් කොලැජන් වල ක්‍රියාකාරිත්වය වැඩි කර සමේ ඉලාස්ටික් බව නැතිනම් ඇදෙන ගතිය වැඩි කර සම වයසට යාම වලකනු ලබයි. බීටා කැරොටින් සහ විටමින් A ලබදෙන ආහාර වන්නේ, කැරට්, බතල, නිවිති, ඇප්‍රිකොට්.

 

5. මුහුණ සේදීම නිසි අවස්ථාවේදී නිසියාකාරව සිදු කල යුතුය

බොහෝ දෙනෙකු රාත්‍රී උත්සවයකට ගිය පසු හෝ වෙනයම් අවස්ථාවකදී මහන්සිය වැඩි නිසා හෝ කම්මැලිකම නිසා නින්දට යාමට පෙර මෙකප් ඉවත් නොකර නින්දට යාම සිදු කරයි. මෙකප් නිපදවන්නේ විවිධ රසායනික ද්‍රව්‍ය යොදා නිසා ඔබ නින්දට යාමට පෙර නිසි ආකාරව මේකප් ඉවත්කර මුහුණ සෝදා පිරිසිදු කරගත නොගත හොත්, මෙම රසායනික ද්‍රව්‍ය ඔබේ සමේ සිදුරු තුලින් සම ඇතුලට කාන්දු වී සමේ සෛල වලට හානි පමුණුවයි.

 

6. පොල් තෙල් භාවිතය

පොල් තෙල් සමේ පෝෂණය වැඩි කිරීමට ඉවහල් වේ. පොල් තෙල් මගින් සම සිනිදු කරනවා සේම සමට අවශ්‍ය ජලයද ලබා දේ. පොල් තෙල් ඔබේ සමේ සිදුරු තුලින් ඇතුලට කිදා බැස සමේ පෝෂණයට අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරාලයි. සමේ ඇති අදුරු පැහැය සහා සම රැළි වැටීම පොල්තෙල් මගින් වළකනු ලබයි.

 

7. ඔබ පරිබෝජනය කරන සීනී ප්‍රමාණය අඩු කළ යුතුය

සීනී මගින් ශරීරයට හිතකර බලපෑම් වලට වඩා අහිතකර බලපෑම් බෙහෙවින් වැඩිවේ. සිනී ඔබේ සමටද අහිතකර තත්වයන් ගෙන දේ. නිරන්තරයෙන් සීනී වැඩිපුර පරිබෝජනය කිරීමේදී, සමේ පැහැය හා සමේ ඉලාස්ටික් නැතිනම් ඇදෙන ස්වභාවය පලනය කරන කොළජන් නිපදවීම අඩාල වී කාලයක් යාමේදී සම රැළි වැටීමට සහ අදුරු පැහැ ගැන්වීම සිදුවේ. මේ නිසා සිනී පාලනයකින් තොරව ගැනීම ඉතා වැදගත් වේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *