ඔබේ මුහුණ සුදු කරගන්න වටිනා රහස් 5 ක්

Beauty

බොහෝ දෙනෙකු පැහැපත් සමක් ලබා ගැනීම සදහා නොයෙකුත් දේ කරති. විශේෂයෙන්ම කාන්තාවන් තම මුහුණ පැහැපත් කර ගැනීම සදහා වැඩි උනන්දුවක් දක්වති. නමුත් ඔවුන් බොහෝ විට ස්වභාවික දේවල් වලින් තොර කෘතිම රාසායනයන් අඩංගු ආලේපන සහ අනෙකුත් රූපලාවන්‍ය දේවල් භාවිතා කරන අතර බොහෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ආලේපන නිසි ප්‍රමිතියෙන් තොර ඒවා වන නිසා බලාපොරොත්තුවන පැහැපත් බව නොලැබෙන අතර කාලයක් යාමේදී සමේ ආසාධන සහ අනෙකුත් සම ආශ්‍රිත රෝග තත්වයන් ඇති වීමේ හැකියාවද ඉහළ යයි. අද අප ඔබට පෙන්වන්නේ සම, විශේෂයෙන්ම මුහුණ සුදු කරගන්න වටිනා රහස් 7ක් පිළිබද විස්තරයකි.

අපගේ සම අවධි 7කින් යුක්ත වේ. අධික තෙල් ගතියක් නොමැති හා වියළි ගතියක් නොමැති සම සාමාන්‍ය සම ලෙස හැඳින්වෙනවා, තෙල් සහිත සම – නළල නාසය හා නිකට අධික තෙල් සහිත නම් එම සම තෙල් සහිත සම ලෙස හැඳින්වෙනවා . වියළි සම තෙතමනයෙන් තොර ඉරිතලා තිබෙන සම හා කසන සුළු සම තෙල් සහිත සම ලෙස හැඳින්වෙනවා. නළල නාසය හා නිකට තෙල් සහිත නම් මුහුනේ අනෙකුත් ස්ථාන වියළි ගතියක් පෙන්නුම් කරන සම මිශ්‍ර සම ලෙස හැඳින්වෙනවා. වියපත් සම, සංවේදී සම, අඳුරු සම අනෙකුත් ඒවා වේ. පහත ඇත්තේ ඔබගේ සම සුදු නැතිනම් පැහැපත් කර ගත හැකි රහස් 7ක් සහ ඒවායේ විස්තර සැකවින්.

 

1. ස්ක්‍රබ් කිරිම

 

ඔබේ සමේ මිය යන සෛල තට්ටු ලෙස තැම්පත් වෙනවා ඒ නිසා සම අව පැහැයක් මෙන්න අවලස්සන වෙනවා ඒවා ඉවත් කිරිම ස්ක්‍රබ් කිරිමයි. මිශ්‍ර සමට හා තෙල් සහිත සමට හාල්පිටි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි 1ක් දෙහි බින්දු කිහිපයක් මිශ්‍ර කර ආලේප කරන්න. මද වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.වියළි සමට – කෙසෙල් ගෙඩ් 1/2ක්,ඕටිස් තේ හැදි 2ක් මී පැනි තේ හැදි 1ක් මිශ්‍ර කර ආලේප කරන්න. මද වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න. සාමාන්‍ය සදහා සුදු හඳුන් තේ හැදි 1ක්,වෙනිවැල්ගැට තේ හැදි 1ක්, මී පැණි තේ හැදි 1ක්, රෝස වතුර තේ හැදි 2ක් මිශ්‍ර කර ආලේප කරන්න.මද වේලාවක් තබා එය ඇඟිලි තුඩු වලින් පිරිමදිමින් එය ඉවත් කර මුහුණ සෝදන්න.

 

2. තෙත් කිරීම

 

සම හොදින් නැවුම්ව තබයි. මොයිස්චරයිසින් අලෙපනයක් ලබා ගැනීමේදී සමේ තත්වයට සමාන වර්ගයක් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න. වියලි සමක් නම් වැඩි තෙතමනයක් ඇති සහ තෙල් සහිත සමක් නම් තෙල් නැති මොයිස්චරයිසින් අලෙපනයක් භාවිතා කරන්න.

 

3. ටොනර් කිරිම

සම ටෝනර් කිරීම පිරිසිදු කිරීම තරම්ම වැදගත් දෙයක්. ටොනර් කිරීම මගින් සමේ තෙතමනය රැකදෙයි. විවරවී ඇති කුප වසා දමමින් මෘදු සුකුමාර සුදුවන් සමක් ලබාදෙයි.

 

4. සම පිරිසිදු කිරීම

සම පිළිබද උනන්දුවක් දක්වනවානම් කල යුතු මුල්ම සහ ප්‍රමුඛතම කාරණය වනුයේ පිරිසිදු කමයි. සබන් වෙනුවට ස්වභාවික පැළෑටි සාරයෙන් නිපදවා ඇති ක්ලේන්සර් වර්ගයක් පාවිච්චි කරන්න.

 

5. මුහුණ සදහා විශේෂ වූ ව්‍යායාම වල නිරත වීම

ශරීරයට වගේම ඔබගේ සමටත් ව්‍යායාම මගින් ලැඛෙන්නේ මහත්වූ ප්‍රතිපලය. දවසට විනාඩි 30ක් වත් ව්‍යායාම කරන්න. තවද නිසි මානසික සුවය පවත්වාගෙන සතුටින් සිටින්න. දිනකට අවම පැය හතක් වත් සුව නින්දක් ලබා ගන්න. නිතර නිතර පිරිසිදු ඉන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *