යටි පතුල් පැළීම වළක්වා ගැනීමට නිවසේදීම සිදු කළ හැකි පිලියම් 7ක්

Beauty Health

වර්ථමානය වන විට යටි පතුල් පැළීම වයස් බේධයකින් තොරව බොහෝ දෙනෙකු අතර දක්නට ලැබෙන ගැටළුවක් ලෙස සැළකිය හැකිය. යටි පතුල් පැළීම නිසි අවධානයක් යොමු කළ යුතු ගැටළුවකි. යම් හෙයකින් මේ පිළිබද තැකීමක් නොකර මේ පිලිබද නිසි අවධානයක් යොමු නොකළ සිටියහොත් එමගින් යටිපතුල් පැළීම උත්සන්න වී, යටි පතුල් ඉදීමීම, යටිපතුලේ ආසාධන ඇති වීම, යටි පතුල් වල තුවාළ ඇති වීම සහ ශරීරයට විශබීජ ඇතුළු වීමද මේ හරහ සිදු විය හැකිය.

ඔබ සිටගෙන සිටින විට යටි පතුල් වෙත විශාල පීඩනයක් යොමු වේ. ඔබේ යටි පතුල් වියළි නම් මෙම පීඩනය මගින් යටිපතුල් සම පිටතට විස්තාරණය වේ. එම නිසා යටි පතුල් සම තවත් වියළීමට ලක් වන අතර යටිපතුල් සමේ ඇදෙන ස්වභාවය නැති නම් ඉලාස්ටික් ගතිය අඩු වී සම පැළීමට ලක් වේ. ඔබ තරබාරු හෝ දිය වැඩියාවෙන් පෙලෙන අයකු නම් මෙම තත්වය තවත් උත්සන්න විය හැකිය. අද අප ඔබට පෙන්වන්නේ ඉතා පහසුවෙන් පැළුණු යටිපතුල් යළි යථා තත්වයට ගත හැකි ක්‍රම 7කි. පහත ඇත්තේ යටි පතුල් පැළීම වළක්වා ගැනීමට නිවසේදීම සිදු කළ හැකි පිලියම් 7ක් පිලිබද විස්තරයකි.

 

1. එළවළුතෙල් භාවිතය

එළවළු තෙල් වල ප්‍රෝ විටමින් A, D, සහ E, හොදින් අඩංගු වේ. එමගින් පරණ සෛල ඉවත් කර යටිපතුල් සම පෝෂණය කර නව සෛල නිපදවයි. මෙමගින් යටිපතුල් පැළීම නතරවෙන අතර පැළුණු යටිපතුල් නැවත යථා තත්වයට පත්වේ. මේ සදහා ඔබේ යටිපතු ජලයෙන් පිරිසිදු කර තුවායක් භාවිතයෙන් වියළා ගන්න. දැන් පොල් තෙල් ඔබේ යටිපතුලේ ගල්වා ගන්න පසුව පිරිසිදු මේස් කුට්ටමක් දමා උදේ වන තෙක් තබා ගන්න.

 

2. බේකින් සෝඩා භාවිතය

බේකින් සෝඩා වල ඇති විශේෂිත සංයෝග මගින් පරණ සෛල අලුත් කර විශබීජ විනාශ කර යටි පතුල් වලට ජීවය ලබා දේ. බේකින් සෝඩා ද්‍රාවණය සදා ගැනීම සදහා බේකින් සෝඩා මේස හැදි 3ක්, මද උණුසුම් වතුර භාජනයක් අවශ්‍ය වේ. බේකින් සෝඩා සහා උණුසුම් ජලය බේකින් සෝඩා වාශ්ප වනතෙක් මිශ්‍ර කර ගන්න. පසුව ඔබේ යටි පතුල් විනාඩි 15ක් පමණ මෙම ද්‍රාවණයේ ගිල්වා තබා ගෙන පිරිසිදු තුවායක් භාවිතයෙන් ඔබේ දෙපතුල් වියළා ගන්න.

 

3. කෝමාරිකා භාවිතය

කෝමාරිකා වල බීටා කැරොටින්, විටමින් C, සහ E අඩංගු වේ. තවද කෝමාරිකා වල අඩංගු බීටා සිටෙස්ටරෝල් සහ ලුපීයෝල් හොද විශබීජ නාශක ලෙස ක්‍රියා කර යටිපතුල් පැළීම සදහා හේතුවන බැක්ටීරියා සහ විශබීජ විනාශ කර දමයි. තවද කෝමාරිකා වල ප්‍රති ඔක්සිකාරක ගුණය ඉහළ බැවින් පැලුණු යටි පතුල් ඉක්මනින් සුව කර ගැනීමට හැකිය. මේ සදහා පළමුව ඔබේ දෙපතුල් උණු ජලයෙන් සෝදා ගලක හෝ ඝන මතුපිටක ඔබේ දෙපතුල් හොදින් අතුලන්න, දැන් තුවායක් අධාරයෙන් දෙපතුල් පිරිසිදු කර කෝමාරිකා ගල්වන්න. පසුව පිරිසිදු මේස් කුට්ටමක් දෙපතුල් වැසෙන සේ දමා නින්දට යන්න.පසුදා උදෑසන උණු ජලයෙන් කකුල් සෝදා හරින්න.

 

4. වැස්ලින් සහ ලෙමන් යුශ භාවිතය

වැස්ලීන් ඉතා හොද මොනිශ්චර් එකක් ලෙස ක්‍රියා කරන අතර ලෙමන් යුශ සිට්‍රික් අම්ලය මගින් යටිපතුල් පැලීම වළක්වා නව සෛල නිපදවීමක් සිදු කරයි. මෙම ද්‍රාවනය සාදා ගැනීම සදහා ලෙමන් යුශ මේස හැදි 4ක් සහා වැස්ලීන් මේස හැදි 1ක් අවශ්‍ය වේ. වැස්ලීන් සහා ලෙමන් යුශ මිශ්‍ර කර තලපයක් කර ගන්න.පළමුව මද උණුසුම් ජලයෙන් ඔබේ යටිපතුල් පිරිසිදු කර වියළා මෙම තලපය ඔබේ යටි පතුලේ ගල්වන්න. පසුව මේස් යුගලක් යටි පතුල් වැසෙන සේ දමා නින්දට යන්න. පසුදා උදෑසන මද උණු වතුර යොදා කකුල් පිරිසිදු කර ගන්න.

 

5. කෙසෙල් ගෙඩි භාවිතය

මේ සදහා ඉදුණු කෙසෙල් ගෙඩි යොදා ගත යුතු වේ. කෙසෙල් ස්වභාවික මොයිශ්‍රයිසර් එකක් වේ. කෙසෙල් වල විටමින් A, B6, සහ C, යහමින් අඩංගු වේ. එම නිසා යටිපතුල්වල සමෙහි ඉලාස්ටික් ගතිය නැතිනම් ඇදෙන ස්වභාවය වැඩි කර අතර මෙමගින් යටි පතුල් වියළීම වළකී. මේ සදහා ඔබ කළ යුත්තේ ඉදුණු කෙසෙල් ගෙඩි හෝ කිහිපයක් ගෙන හොදින් පොඩි කර තලපයක් සාදා ගන්න. මේ සදහා ඉදුණු කෙසෙල් ගෙඩි භාවිතා කරීම වැදගත්වේ. මන්ද ඉදුණු ගතිය අඩු හෝ අමු කෙසෙල් වල ආම්ලිකතාවය වැඩි නිසා ඒවා යටි පතුලේ පැලුණු සමට අහිත කර වේ. දැන් මෙම කෙසෙල් තලපය ඔබෙ යටිපතුලේ පැලුණු ස්ථාන වල ගල්වන්න විනාඩි 10ක් පමණ හොදින් පිරිමැද ජලයෙන් සෝදා හරින්න. මෙය ඔබ නින්දට යාමට ප්‍රථම කිරීම වඩාත් ප්‍රතිපල දායක වේ.

 

6. ලිස්ටරීන්(මවුත් වොශ්) සහ විනාකිරි මිශ්‍රණය

මේ සදහා ඔනෑම මවුත් වොශ් එකක් භාවිතා කළ හැක. ලිස්ටරින් හෝ අනෙකුත් බොහෝ මවුත් වොශ් ද්‍රාවන වල තයිමෝල් සහ ඇල්කොහොල් අඩංගු වේ. මෙමගින් යටිපතුල් පැළීමට හේතුවන ටෝයිනේල් ෆන්ගස් විනාශ කර පැලුනු යටිපතුල් නැවත තිබූ අකාරයට සකස් කර යටුපතුල සිනිදු කරවයි. විනාකිරි මගින් වියළුණු දෙපතුල් සිනිදු කරන අතර අහිතකර සෛල ඉවත් කර යටි පතුල් විශබීජ සහ බැක්ටීරියා වලින් තොර කරවයි. මේ සදහා වතුර කෝප්ප 2ක්, ඔනෑම මවුත් වොශ් ද්‍රාවණ කෝප්ප 1ක් සහා විනාකිරි කෝප්ප 1ක් අවශ්‍ය වේ. මෙම ද්‍රාවන 3ම එක් කර හොදින් මිශ්‍ර කරන්න.දැන් ඔබේ යටි පතුල් හොදින් වැසෙන සේ මෙම ද්‍රාවනයේ ගිල්වන්න. විනාඩි 15කට පසු ඔබේ දෙපතුල් ජලයෙන් සෝදා වේළීමට හරින්න.

 

7. සහල් පිටි විනාකිරි සහ මීපැණි මිශ්‍රණය

සහල් පිටි සහ මීපැණි යටිපතුල් සදහා හොද පිරිසිදුකාරකයක් වේ. එමගින් යටිපතුල් පැළීමට හේතු සාධක වන බැක්ටීරියා සහ විශබීජ විනාශ කර යටි පතුල් පැළීම වළවා යටිපතුලේ ඇති මැරුණු සෛල ඉවත් කර දමයි. මේ සදහා සහල් පිටි තේ හැදි 3ක්, මීපණි තේ හැදි 1ක් සහ විනාකිරි ස්වල්පයක් අවශ්‍ය වේ. ඉහත දෑ සියල්ල යොදා තලපයක් සෑදෙන සේ කළවම් කර ගන්න.පසුව ඔබේ දෙපතුල් මද උණුසුම් ජලයෙන් විනාඩි 5ක් පමණ සේදා ඔබ සාදා ගත් තලපය යටිපතුලේ පැලුණු ස්ථාන වලට යොදා සෙමෙන් පිරිමදින්න. මෙය සතියට 3ක් වරක්වත් කළ යුතුවේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *