බිත්තර සුදු මදය මගින් සාදා ගත හැකි ෆේස් මාස්ක් වර්ග 7ක් සහ ඒවායේ රූපලාවන්‍ය ගුණ

Beauty

බිත්තර, විශේෂයෙන්ම බිත්තර සුදු මදය අතීතයේ සිටම විවිධ රූපලාවන්‍ය නිෂ්පාධන නිපධවීම සදහා යොදා ගෙන ඇත. බිත්තර වල රූපලාවන්‍ය සදහා වැදගත් වන සංයෝග,සංඝඨක, විටමින, ඛනිජ, කැල්සියම්, මැග්නීසියම් සහ ෆෝලේට් බහුල වශයෙන් අඩංගු වේ. බිත්තර සුදු මදයේ ඇති ලයිසොසිම් නම් ප්‍රෝටීනය මගින් සමේ ඇතිවන බැක්ටීරියා සහ විශබීජ විනාශ කරන අතර කොලැජන් නිෂ්පාධනය වැඩි කර සමේ ඉලාස්ටික් ගතිය නැතිනම් සමේ ඇදෙන ස්වභාවය වැඩි කිරීම මගින් සම වයසට යාම පමා කරනු ලබයි. කෙසේ නමුත් බිත්තර සුදු මදයේ සැල්මොනැල්ලා බැක්ටීරියාව සිටින නිසා, රූපලාවන්‍ය සදහා භාවිතා කිරීමේදී ඇස් වල නොගෑවෙන සේ භාවිතා කළ යුතු අතර භාවිතයෙන් පසු අත් හොදින් සෝදා ගැනීම කළ යුතුම දෙයකි.

අද අප ඔබට පෙන්වන්නේ ඔබගේ මුහුණ සුදු කර සමේ ඇති රූපලාවන්‍ය ගැටළු මග හරවා ගැනීම සදහා බිත්තර සුදු මදය භාවිතා කරන ආකාරය පිලිබද විස්තරයකි. පහත ඇත්තේ පැහැපත් සමක් සදහා බිත්තර සුදු මදය මගින් සාදා ගත හැකි ෆේස් මාස්ක් වර්ග 7ක් සහ ඒවායේ රූපලාවන්‍ය ගුණ පිළිබද විස්තරයකි.

 

1. වියපත් වූ සම සදහා එග් වයිට් මාස්ක්

මේ සදහා බිත්තර සුදු මද 1ක්, ලෙමන් යුශ මේස හැදි 1ක් සහ මී පැණි මේස හැදි 1ක් අවශ්‍ය වේ. ඉහත සියල්ල හොදින් මිශ්‍ර කර මුහුනේ ගල්වා විනාඩි 20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න. බිත්තර සුදු මදයේ සහ ලෙමන් වල ඇති විශේෂ සංයෝග මගින් ඔබගේ වියපත් සම පැහැපත් කරන අතර සමේ රැළි වැටීම අඩු කර සමේ ඉලාස්ටික් ගතිය නැතිනම් ඇදෙන ස්වභාවය වැඩි කර සමට තරුණ බවක් ලබා දේ.

 

2. පෝෂනය අඩු සම සදහා ග්‍රේප් එග් වයිට් මාස්ක්

මේ සදහා බිත්තර සුදු මද එකක් සහ මිදි ගෙඩි කිහිපයක් අවශය වේ. බිත්තර සුදු මදය සහ මිදි ගෙඩි කිගිපයක් බ්ලෙන්ඩරයට දමා හොදින් බ්ලෙන්ඩර් කර චිත්‍ර පින්සලක් අධාරයෙන් ඔබගේ මුහුනේ ගල්වා ගන්න පසුව විනාඩි 20ක් පමණ තබා සමානය ඇල් ජලයෙන් සෝදා හරින්න. මෙමගින් ඔබේ සමේ වියළි බව නැති කර සම පෝෂණය කරනු ලබයි.

 

3. සංවේදී සම සදහා සූතින් එග් වයිට් මාස්ක්

මෙම මාස්ක් එක සාදා ගැනීම සදහා බිත්තර සුදු මද 1ක් සහ කෝමාරිකා ජලීය ද්‍රවනයෙන් තේ හැදි 1ක් අවශ්‍ය වේ. ඉහත දෑ භාජනයකට දමා හොදින් ගසා ගන්න පසුව එම මිශ්‍රණය ඔබගේ පිරිසිදු කර ගත් මුහුනේ ගල්වා විනාඩි 20ක් පමණ වියළෙන තෙක් තබා ඇල් ජලයෙන් සෝදා හරින්න. කෝමරිකා සහ බිත්තර සුදු මදයේ ඇති විශේෂ සංයෝග සහ සංඝඨක මගින් ඔබගේ සම සිනිදු කරන අතර මෙම මාස්ක් එක සංවේදී සමවල් ඇති අය සදහා ඉතා යෝග්‍ය වේ.

 

4. ඇස් යට කළු වීම නැති කර ගැනීම සදහා එග් වයිට් අයි මාස්ක්

මේ සදහා බිත්තර සුදු මද 1ක්, තුනී වන සේ හොදින් ගා ගත් කැරට් තේ හැදි 1ක් සහ කෝමාරිකා ජලීය ද්‍රාවන තේ හැදි 1ක් අවශ්‍ය වේ. මේ සියල්ල භාජනයකට දමා විනාඩියක් පමණ හොදින් ගසා ගන්න. බ්‍රශ් 1ක් හෝ චිත්‍ර පින්සලක් භාවිතයෙන් පරිස්සමින් ඇස් යට ගල්වා ගන්න. විනාඩි 10ක් පමණ තබා ඇස් වල නොගෑවෙන සේ සෝදා හරින්න.

 

5. පැහැපත් ඇදෙන සුලු සමක් සදහා එග් වයිට් මාස්ක්

මේ සදහා බිත්තර සුදු මද 1ක් සහ කෝපි කුඩු තේ හැදි 2ක් අවශ්‍ය වේ. කෝපි කුඩු සහ බිත්තර සුදු මදය භාජනයකට දමා හොදින් විනාඩි 2ක් පමණ ගසා ගන්න. පසුව බුරුසුවක් හෝ ඔබගේ අත මගින් මුහුනේ ගල්වා විනාඩි 10ක් පමණ තබා තෙත් කරගත් රෙදි කැබැල්ලක් හෝ තුවායක් මගින් මාස්ක් එක ඉවත් කර ගන්න. පළමු දිනම ඔබට ප්‍රතිඵල දැක ගත හැකි වනු ඇත.

 

6. තෙල් සහිත සම සදහා එක්ස්ෆෝලියේට් එග් වයිට් මාස්ක්

මෙම විශේෂ මාස්ක් එක සාදා ගැනීම සදහා බිත්තර සුදු මද 1ක්, මී පැණි තේ හැදි 1ක් සහ තිරිගු හෝ පාම් පිටි ස්වල්පයක් අවශය වේ. පළමුව බිත්තර සුදු මද 1ක සහ මී පැණි තේ හැදි එක හොදින් මිශ්‍ර කර ගන්න පසුව එයට තලපයක් වන ලෙස පිටි යොදා හොදින් මිශ්‍ර කර ගන්න. මෙම මිශ්‍රණය මුහුනේ ගල්වා හොදින් මසාජ් කර ගන්න පසුව විනාඩි 10ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

7. මුහුණ පිරිසිදු කර ගැනීම සදහා එග් වයිට් ක්ලෙන්සින් මාස්ක්

මෙම මාස්ක් එක සාදා ගැනීම සදහා බිත්තර සුදු මද 1ක් සහ සුදු සීනී තේ හැදි 1ක් අවශ්‍ය වේ. සුදු මදය සහ සීනී හොදින් මිශ්‍ර කර මුහුනේ ගල්වා විනාඩි 20ක් පමණ තබා වියළුනු පසු මාස්ක් එක ඉවත් කර මද උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ගන්න. මෙම මාස්ක් එක මගින් මුහුනේ ඇති කුණු, දූවිලි, විශබීජ සහ බැක්ටීරියා විනාශ කරන අතර සමට අමතර පැහැපත් බවක්ද ලබා දේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *