උදෑසන කොමඩු ආහාරයට ගැනීමෙන් ඔබගේ සමට සහ කෙස් වලට සිදුවන දේවල් 7ක්

Beauty

කොමඩු පළමුව වගා කර ඇත්තේ දකුණු අප්‍රිකාවේදීය පසුව 7වන සියවසේදී පමණ ඉන්දියාවත් 10 වන සියවස පමණ විට චීනයත් කොමඩු වගාව ආරම්භ කර ඇත. මේ වන විට ලෝකයේ වැඩිම කොමඩු වගාවක් සිදු කරනුයේ චීනයේදීය. උදෑසන කොමඩු ආහාරයට ගැනීම ශරීරයට ඉතාමත් ගුණදායී සේම කොමඩු වල විශාල වශයෙන් විටමින, ඛනිජ, ප්‍රති ඔක්සිකාරක, විවිධ සංයෝග සහ සංඝඨක අඩංගු වේ. විටමින් A, C, E, B6, සෝඩියම්, පොටෑසියම්, කැල්සියම්, කොපර්, අයන්, මැග්නීසියම්, මැංගනීස්, සින්ක්, ප්‍රෝටීන්, තන්තු, ෆෝලේට්, නියැසීන්, පැන්ටොතෙනික් අම්ල, පයිරිඩොක්සීන්, තයිමීන්, කැරොටීන් ඇල්ෆා, ක්‍රිප්ටො සැන්තින් බීටා, ලූටීන් සෙක්ස්සැන්තීන්, ඇමයිනො අම්ල, ලයිකොපීන් සහ සිට්රුලීන් යන විටමින, අම්ල, සංයෝග, තන්තු සහ සංඝඨක වලින් කොමඩු පරිපූර්ණ වේ.

කොමඩු වල ඇති මෙම විශේෂ විටමින, අම්ල, සංයෝග සහ සංඝඨක රූපලාවන්යේදී ඉතා වැදගත් වේ. පැහැපත් නිකැළැල් සමක් ලබා ගැනීමට සහ දීප්තිමත් දිගු කෙස් කලඹක් ලබා ගැනීම සදහා උදෑසන කොමඩු ආහාරයට ගැනීම ඉතා වැදගත් වේ. කොමඩු වල 92% ක් ඇත්තේ ජලය නිසා සමේ තෙතමනය ඒකාකාරව පවත්වාගෙන යාම සදහා ඉතා වැදගත් වේ. අද අප ඔබට පෙන්වන්නේ, උදෑසන කොමඩු ආහාරයට ගැනීමෙන් ඔබගේ සමට සහ කෙස් වලට සිදුවන විශේෂ යහපත් බලපෑම් 7ක් පිළිබද විස්තරයකි.

 

1. හිස කෙස් වර්ධනය වීම වැඩි කරයි

කොමඩු වල ඇති ඇමයිනෝ අම්ල සහ අනෙකුත් සංයෝග හිස කෙස් වර්ධනය සදහා උපකාරි වන අතර එමගින් ස්කැල්ප් එක නැතිනම් හිස මතුපිට සම පුරාවට රුධිරය පරිවාහණය වීම ක්‍රමවත්ව සිදු කරයි. කොමඩු වල අඩංගු සිට්රුලීන් මගින් හිස කෙස් වර්ධනය වේගවත් කරනු ලබයි.

 

2. හිස කෙස් ගැලවී යාම නැති කරයි

කොමඩු වල විටමින් C බහුලව අඩංගු වේ. එමගින් රතු රුධිරාණු වල ඇති අයන් ප්‍රතිශතය වැඩි කරන අතර එමගින් කේශමූලය දක්වා ඔක්සිජන් පරිවහණ‍ය වැඩි කර කෙශ මූලය නිරෝගිමත් සහ ශක්තිමත් කරනු ලබයි එමගින් හිස කෙස් යාම නතර වේ.

 

3. හිස කෙස් වල ජීව්‍ය භාවය ආරක්ෂා කරයි

කොමඩු වල අඩංගු විශේෂ සංයෝග සහ අමිල වර්ග මගින් හිස කෙස් වියළීමෙන් වළකා හිස කෙස් වල සහ හිස් කබලේ තෙතමනය ආරක්ෂා කරනු ලබන අතර එමගින් හිස කෙස් වල ජීව්‍ය භාවය වැඩි වේ.

 

4. සමේ තෙල් ගතිය පාළනය කරයි

ඔබගේ සමෙහි නැතිනම් ඔබගේ මුහුනේ ඇති සෙබසියස් ග්‍රන්ථිය මගින් සමේ තෙල් නිෂ්පාධනය සිදු කරන අතර වැඩිපුර නිපදවන තෙල් ප්‍රතිශතය සමේ පිරිසිදු බව සහ සමේ තෙතමනය සදහා බාධා පමුණුවනු ලබයි. නමුත් කොමඩු වල විටමින් A බහුලව අඩංගු නිසා සමේ තෙල් ගතිය පාළනය කර පිරිසිදු පැහැපත් සමක් ඔබට ලබා දේ.

 

5. සම වයසට යාම පමා කරයි

වයසට යාමත් සමග ඔබගේ සම තුනී වන අතර එමගින් භාහිර බලපෑම් නිසා සමට වන හානිය වැඩි වේ. මෙමගින් සමේ සෛල වලට සිදුවන හානියද වැඩි නිසා සමේ විවිධ ආසාධන, රැළි වැටීම් හෝ සම දුර්වර්ණ වීම් සිදු විය හැක. නමුත් කොමඩු වල ප්‍රභල ප්‍රති ඔක්සිකාරක වන ලයොකෝපීන්, විටමින් C, විටමින් A බහුලව අඩංගු වේ. එම නිසා කොලැජන් නිෂ්පාධනය වැඩි වන තර සමේ සෛලවලට බාහිරින් සිදුවන බලපෑම් අවම කරනු ලබයි.

 

6. සම පැහැපත් කරයි

කොමඩු වල ඇති විටමින් වර්ග සහ අනෙකුත් සංයෝග මගින් ඔබේ සම දීප්තිමත් සහ පැහැපත් කරනු ලබයි. විශේෂයෙන්ම භාහිර පරිසරයෙන් සමට සිදුවන හානිය අවම කරන අතර සමේ පැහැපත් බව ඒකාකාර කිරීම කොමඩු වල ඇති විටමින වර්ග සහ සංයෝග මගින් සිදු කරනු ලබයි.

 

7. සමේ තෙතමනය ආරක්ෂා කරයි

වියළි සමක් පැවතීම මගින් සමේ නොයෙකුත් ගැටළු ඇති වීමට පුළුවන. නමුත් කොමඩු වල 92% ඇත්තේ ජලය නිසා උදෑසන කොමඩු ආහාරයට ගැනීම මගින් ඔබේ සම දවස පුරා වියළීමෙන් තොරව පවත්වාගෙන යාමට උපකාරි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *