සැලෝන් එකට නොගිහින් නිවසේදීම ලස්සන සහ නිරෝගි නිය පෙළක් ලබා ගත හැකි සරළ ක්‍රම 6ක්

Beauty

සෑම කාන්තාවක්ම තමන්ගේ නියපෙළ නිරෝගීව සහ ලස්සනට තබා ගැනීමට උත්සහ දරති මන්ද, ලස්සන නිය පෙළක් මගින් කාන්තාවන්ගේ සුන්දරත්වය තවත් ඉහළ දමන නිසාවෙනි. නමුත් බොහෝ කන්තාවන්ට ඔවුන්ගේ නිය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට නොහැක. මේ සදහා ප්‍රධාන හේතු වන්නේ නිතර නිතර බාල වර්ගයේ නිය පාට කරන වර්ණක මගින් ඔබගේ නියපොතු පාට කිරීමයි.

නිතර නිතර නිය පාට කිරීම එතරම් සුදුසු දෙයක් නොවේ. මන්ද නිරන්තරයෙන් නිය පාට කිරීම මගින් ඔබගේ නියපොතු වල ඇති දීප්තිමත් ගතිය නැති වී යයි. මේ සදහා නිය වර්ණක වල ඇති රසායනයන් බලපානු ලබයි. අද අප ඔබට පෙන්වන්නේ නිවසේදීම ලස්සන සහ නිරෝගී නිය පෙළක් ලබා ගන්නා සරළ ක්‍රම 6කි.

 

1. ඔලිව් ඔයිල්

මේ සදහා මද රාස්නය උණු ජලය භාජනයකට ඔලිව් ඔයිල් බින්දු කිහිපයක් දමා හොදින් මිශ්‍ර කර ගන්න. පසුව එම භාජනයට ඔබේ නිය පොතු වැසෙන සේ බහා විනාඩි 5ක් පමණ තබා හොදින් මසාජ් කර ගන්න. මෙය සතියක් පමණ එකදිගට කිරීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකිය.

 

2. පෙට්‍රෝලියම් ජෙලි

මේ සදහා පෙට්‍රෝලියම් අඩංගු ඔනෑම ජෙලි වර්ගයක් භාවිතා කල හැකිය. පෙට්‍රෝලියම් ජෙලි මගින් ඔබේ නිය වලට පෝෂනය සහ දීප්තිමත් බව ලබා දේ. ඔබ ස්නානයෙන් පසුව සහ නින්දට පෙර පෙට්‍රෝලියම් ජෙල් එකක් භාවිතයෙන් ඔබගේ නිය මසාජ් කර ගන්න.

 

3. පිපිඤ්ඤා

පිපිඤ්ඤා මගින් ඔබගේ නිය ස්වභාවික දීප්තියක් ලබා දේ. පිපිඤ්ඤා කැබැල්ලක් ගෙන ඔබගෙ නිය හොදින් අතුල්ලා ගන්න. මෙය සෑම දිනකම සතියක් පමණ සිදු කිරීම මගින් ඔබගේ නියපෙළ දීප්තිමත් සහ පිරිසිදු වේ.

 

4. බටර්

බටර් වල පොටෑසියම්, සෝඩියම්, කැල්සියම්, සින්ක්, අයන්, මැග්නීසියම්, විටමින් A, B සහ E යන පෝශක සියල්ලම යහමින් අඩංගු වේ. මෙම පෝශක මගින් ඔබගේ නියපෙළ ශක්තිමත් කරන අතර ඔබගේ නිය වලට අමතර දීප්තියක් ලබා දී නිය පෝෂණය කරයි. මේ සදහා බටර් ස්වල්පයක් ගෙන ඔබගේ නිය හොදින් පිරිමදින්න. පසුව මද රස්නය උණු වතුරින් ඔබගේ නිය සෝදා හරින්න.

 

5. පොල්තෙල්

පොල්තෙල් වල අඩංගු විශේෂිත සංඝඨක සහ සංයෝග නිසා ඔබගේ නිය පෝෂණය කරන අතර අමතර දීප්තියක්ද ලබා දී විශබීජ සහ ෆන්ගස් වලින් නියපොතු වලට සිදුවන හානිය නැති කර දමයි. පොල්තෙල් ස්වල්පයක් පුලුන් කැබැල්ලක පොගවා නියපොතු හොදින් පිරි මැද ගන්න.

 

6. දන්තාලේප

දන්තාලේප නැතිනම් ටූත්පේස්ට් මගින් ඔබගේ නියපොතු වල ඇති විශබීජ විනාශ කර නියපොතු පිරිසිදු කර නියවලට දීප්තියක් ලබාඅ දේ. මේ සදහා දත් බුරුසුවකට දන්තාලේප ස්වල්පයක් දමා ඔබේ නිය හොදින් මැදගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *