ඔබගේ වකුගඩු වලට හානි කරන ආහාර වර්ග 6ක්

News

වර්ථමානය වන විට විශේෂයෙන්ම වැරදි ආහාර රටා වකුගඩු රෝග සදහා බලපා ඇත. අපගේ වකුගඩු පිලිබද වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය. මන්ද ශරීරයේ අභ්‍යන්තරයේ සිදුවන බොහෝ වැදගත් ක්‍රියාවලි සදහා වකුගඩු වල ක්‍රියා කාරීත්වය අත්‍යවශ්‍ය බැවිනි. විශේෂයෙන්ම ලේ පිරිසිදු කිරීම, විශ සහ අනෙකුත් අහිතකර රසායනයන් මුත්‍රා සමග පිටකිරීම, හොර්මෝන නිෂ්පාධනය සහ තරල නිසි ලෙස පාළනය කිරීම වැනි ක්‍රියාවලීන් සදහා වකුගඩු ඉතා වැදගත් වේ.

ඔබ ගන්නා සමහර ආහාර වකුගඩු වලට අහිතකර වේ. මෙම ආහාර මගින් වකුගඩු වල ක්‍රියාකාරීත්වය සදහා බාධා පැමිණිවිය හැක. එම නිසා මෙම ආහාර ගැනීමේදී සැළකිලිමත් විය යුතුය. පහත ඇත්තේ ඔබගේ වකුගඩු වලට හානි කරන ආහාර වර්ග 6ක් පිළිබද විස්තරයකි.

 

1. සෝඩා සහ කෝලා බීම වර්ග

සෝඩා සහ කෝලා බීම වර්ග වල සීනී සාන්ද්‍රනය සහ කැලරි ප්‍රමාණය අදික වේ. තවද විශේෂයෙන්ම අදුරු නැතිනම් දුඹුරු පැහැ කෝලා බීම වර්ග වල පොස්පරස් විශාල ප්‍රමාණ වලින් අඩංගු වේ. පොස්පරස් යොදා ගනු ලබන්නේ බීම වල රසය වැඩි කිරීම, දිගු කාලයක් රාක්කව තබා ගැනීම සහ දිගු කාලයක් බීම වල පැහැය වෙනස් නොවී පවත්වා ගැනීම සදහාය. මෙම කෘතිම පොස්පරස් ශරීරයට වැඩි වශයෙන් උරා ගන්නා අතර කෝලා සහ සෝඩා මිලි ලීටර 200ක පොස්පරස් මිලිග්‍රෑම් 50–100 අතර ප්‍රමාණයක් අඩංගු වේ. දිර්ඝ කාලයක් කෝලා වර්ග පානය මගින් වකුගඩු වලට දැඩි බලපෑම් ඇති විය හැක.

 

2. ටින් කළ ආහාර වර්ග

විශේෂයෙන්ම ටින් කල සුප් වර්ග, එළවළු වර්ග, ඇට වර්ග සහ මාළු වර්ග වල අධික ලෙස සෝඩියම් අඩංගු වේ. මෙම සෝඩියම් යොදා ගනු ලබන්නේ දිගු කාලයක්(අවුරුදු 2ක් 3ක්) ආහාර වල රසය පැහැය සහ සුවද නොවෙනස්ව පවත්වා ගැනීම සදහාය. මෙම සෝඩියම් වකුගඩු වලට හිතකර වේ. විශේෂයෙන්ම වකුගඩු රෝග වලින් පෙලෙන රෝගීන් සදහා ටින් කෑම ඉතා අහිතකර වේ.

 

3. ටින් කළ අච්චාරු වර්ග

මෙම ටින් කළ අච්චාරු වර්ග වල විශාල ප්‍රමාණයෙන් ලුණු සහ සෝඩියම් අන්තර්ගත වේ. විශේෂයෙන්ම මෙවැනි ටින් කළ අච්චාරු වර්ග බෝතලයක සෝඩියම් මිලිග්‍රෑම් 300 කට වඩා අඩංගු වේ. මෙම අධික සෝඩියම් වකුගඩු වලට ඉතා අහිතකර වේ.

 

4. රට ඉදි

රට ඉදි ගුණදායි පළතුරක් වුවත් වකුගඩු රෝග සදහා එය එතරම් ගුණදායි නොවේ. රට ඉදි වල විශාල පෝශක සංඛ්‍යාවක් ඇති අතර පොටෑසියම්ද බහුලව අන්තර්ගත වේ. රට ඉදි ගෙඩි 4ක පෝටෑසියම් මිලි ග්‍රෑම් 696 අඩංගු වේ. මෙය දිනකට ශරීරයට අවශ්‍ය පොටෑසියම් ප්‍රමාණයට වඩා 5 ගුණයකින් වැඩිය.

 

5. අල චිප්ස් සහ අනෙකුත් අලපෙති වර්ග

මෙම අලපෙති වර්ග වල අධික ප්‍රමාණ වලින් ලුණු සහ පොටෑසියම් අඩංගු වේ. එක් අලපෙති පැකැට්ටුවක ඇති ලුණු ප්‍රමාණය ඔබට දිනකට ශරීරයට අවශ්‍ය ලුණු ප්‍රමාණයට වඩා 10-15 ගුණයකින් වැඩිය . එම නිසා මෙම අධික ලුණු සහ පොටෑසියම් වකුගඩු සදහා ඉතා අහිතකර වේ.

 

6. පැකට් කළ මස් සහ සොසේජස් වර්ග

පැකට් කළ මස් සහ සොසේජස් වර්ග වකුගඩු රෝග සදහා පමණක් නොව තවත් දිගුකල් පවතින බොහෝ රෝග සදහා හේතු වේ. මෙම ආහාර වර්ග වලද අධික ලෙස කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය වැඩි වශයෙන් අඩංගු වන අතර එම රාසායනයන් සියල්ලම පාහේ වකුගඩු සදහා අහිතකර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *