ඉතා පැහැපත් සහ සිනිදු මුහුණක් ලබා ගැනීම සදහා නිවසේදීම සාදා ගත හැකි කෙසෙල් ෆේස් මාස්ක් වර්ග 6ක්

Beauty

ඔබ දැන සිටියාද නිවසේදීම සාදා ගත හැකි කෙසෙල් ෆේස් මාස්ක් එක මගින් ඔබගේ මුහුණ ඉතා ඉක්මනින් සහ පහසුවෙන් ස්වභාවිකවම පැහැපත් කර ගත හැකි බව? අද අප ඔබට පෙන්වන්නේ නිවසේදීම බනානා ෆේස්ක් මාස්ක් එකක් නැතිනම් කෙසෙල් ෆේස් මාස්ක් එකක් සාදා ගන්නා ආකාරය පිලිබද විස්තරයකි. කෙසෙල් වල විටමින පෝෂක කොටස් රාශියක් අඩංගු වේ. විශේෂයෙන්ම විටමින් E, B1, B2, B, කැරොටීන් සහ විටමින් C බහුල වශයෙන් අඩංගු වන අතර මෙම විටමින වර්ග මගින් ඔබගේ මුහුණ ඉතා පැහැපත් කරන අතර සමෙ සිනිදු කර සමේ තරුණ පෙනුම රැක දේ.

බනානා නැතිනම් කෙසෙල් ෆේස්ක් මාස්ක් භාවිතය මගින් ඔබගේ මුහුණට ඉතා හොද ප්‍රතිඵල රාශියක් උදා කර ගත හැකිය. කෙසෙල් වල අඩංගු පෝටෑසියම් මගින් සමේ වියළි බව නැති කරන අතර සමේ තෙතමනය රැක දීමට උපකාරි වේ. කෙසෙල් වල වැඩි වශයෙන් ඇති සින්ක් සහ ලැක්ටික් අම්ලය මගින් ඔබගේ මුහුණේ කුරුළෑ ඇති වීම වළක්වන අතර ඔබගේ මුහුනේ කුරුලෑ පිහිටා ඇතිනම් ඒවා ඉතා ටික කළකින් සුව කිරීමේ හැකියාවද කෙසෙල් වල ඇති ලැක්ටික් අම්ලය සහ සින්ක් මගින් සිදු කරයි. කෙසෙල් වල ඇති ඇමයිනෝ අම්ල මගින් ඔබගේ මුහුනේ තරුණ බව රැක දෙන අතර සමේ ඇදෙන ස්වභාවය නැතිනම් සමේ ඉලාස්ටික් ගතිය වැඩි කරනු ලබයි. අද අප ඔබට පෙන්වන්නේ ඉතා පැහැපත් සහ සිනිදු මුහුණක් ලබා ගැනීම සදහා නිවසේදීම සාදා ගත හැකි කෙසෙල් ෆේස් මාස්ක් වර්ග 7ක් පිළිබද විස්තරයකි.

 

1. තෙල් සහිත සම සදහා කෙසෙල් ෆේස්ක් මාස්ක්

කෙසෙල් වල ඇති විශේෂ සංයෝග සහ සංඝඨක මගින් මුහුනේ ඇති අමතර තෙල් ගතිය ඉවත් කරන අතර සේබමයද පාළනය කරනු ලබයි. මෙම ෆේස්ක් මාස්ක් එක සාදා ගැනීම සදහා ඉදුණු කෙසෙල් ගෙඩි 1ක්, මී පැණි තේ හැදි 1ක් සහ ලෙමන් යුශ තේ හැදි භාගයක් අවශ්‍ය වේ. ලෙමන් සහ මී පැණි මගින් සමේ පැහැපත් බව වැඩි කරන අතර සමේ තෙල් ගතියද පාළනය කරනු ලබයි. ඉහත සදහන් කළ සියල්ල භාජනයකට දමා හොදින් මිශ්‍ර කර ගන්න පසුව පිරිසිදු කර ගත් මුහුනේ මෙම මිශ්‍රණය ගල්වා විනාඩි 15ක් තබා පසුව ඇල් ජලයෙන් සෝදා හරින්න.

 

2. අදුරු ලප කැළැල් ඇති සම සදහා කෙසෙල් ෆේස්ක් මාස්ක්

සමේ අදුරු ලප කැළැල් ඉවත් කර ගැනීම සදහා මෙම ෆේස්ක් මාස්ක් එක ඉතාමත් ප්‍රයෝජනවත් වේ. මේ සදහා සහල් පිටි මේස හැදි 3ක්, ඉදුණු කෙසෙල් ගෙඩියක් සහ මී පැණි මේස හැදි 1ක් අවශ්‍ය වේ. සහල් පිටි මගින් සමේ ඔයිල් ගතිය ඉවත් කර සම පිරිසිදු කරන අතර කෙසෙල් වල ඇති විටමින් A මගින් සම පිරිසිදු කර සමේ අදුරු ස්වභාවය නැති කරන අතර මී පැණි මගින් සමේ තෙතමනය පාළනය කර සම අදුරු පැහැවීම අවම කරනු ලබයි. මේ සදහා ඉහත සියල්ල භාජනයකට දමා හොදින් තලපයක් වන සේ මිශ්‍ර කර (ඉදුණු කෙසෙල් ගෙඩිය හොදින් පොඩි කර මිශ්‍ර කර ගන්න) මුහුනේ ගල්වා විනාඩියක් පමණ හොදින් මසාජ් කර විනාඩි 15ක් පමණ තබා වියළීමට හැර ඇල් ජලයෙන් සෝදා ගන්න.

 

3. වියළි සම සදහා කෙසෙල් ෆේස්ක් මාස්ක්

මෙම මාස්ක් එක සාදා ගැනීම සදහා ඉදුණු කෙසෙල්ගෙඩි 1ක්, මී පැණි මේස හැදි 2ක් සහ පොල්තෙල් තේ හැදි 1ක් අවශ්‍ය වේ. කෙසෙල් සහ මී පැණි වල ඇති විශේෂ සංයෝග මගින් සමේ වියළි බව නැති කර සමේ තෙතමනය රැක දෙන අතර පොල් තෙල් වල ඇති විටමින් E මගින්ද ඔබගේ සමේ වියළි බව නැති කරන අතර මුහුනේ සෛල විජලනයෙන් වළක්වනු ලබයි. මේ සදහා කෙසෙල් ගෙඩිය හොදින් පොඩි කර එයට මී පැණි සහ පොල් තෙල් දමා හොදින් මිශ්‍ර කර තලපයක් සාදා ගන්න. පසුව පිරිසිදු කර ගත් මුහුනේ ගල්වා විනාඩි 15ක් පමණ තබා මද මුණුසුම් ජලයෙන් මුහුණ සෝදා ගන්න.

 

4. මුහුණ වයිට්නින් කර ගැනීම සදහා කෙසෙල් ෆේස්ක් මාස්ක්

මේ සදහා කෙසෙල් ගෙඩියක්, එළ කිරි ස්වල්පයක් සහ සුදු සදුන් කුඩු ස්වල්පයක් අවශ්‍ය වේ. කෙසෙල් වල සහ කිරි වල ඇති ලැක්ටික් අම්ලය මගින් ඔබගේ මුහුණට ඒකාකාර පැහැපත් බවක් නැතිනම් ලයිට්නින් ගතියක් ලබා දෙන අතර සුදු සදුන් කුඩු මගින් සම ඉතා සිනිදු කරනු ලබයි. මේ සදහා ඉහත සියල්ල භාජනයකට දමා (කෙසෙල් ගෙඩිය හොදින් පොඩි කර) තලපයක් එන ලෙස මිශ්‍ර කර ගන්න. පසුව එය මුහුනේ ගල්වා ටික වේලාවක් තබා සෝදා ගන්න. මෙය උදෑසන කාලයේදී සිදු කර ගත යුතු වේ.

 

5. මුහුනේ රැළි වැටීම් ඉවත් කර ගැනීම සදහා කෙසෙල් ෆේස්ක් මාස්ක්

මේ සදහා කෙසෙල් ගෙඩියක් සහ කෝමාරිකා ජලීය ද්‍රාවණයෙන් තේ හැදි 2ක් අවශ්‍ය වේ. කෝමාරිකා වල ඇති ප්‍රභල ප්‍රති ඔක්සිකාරක සහ කෙසෙල් වල ඇති විශේෂ විටමින වර්ග මගින් කොලැජන් නිෂ්පාධනය වැඩි කර සමේ ඉලාස්ටික් ගතිය නැතිනම් ඇදෙන ස්වභාවය වැඩි කර නිසා මුහුණ රැළි වැටීම අවම කරන අතර මුහුනේ තරුණ බව රැක දේ. කෝමාරිකා සහ පොඩි කර ගත කෙසෙල් ගෙඩිය හොදින් මිශ්‍ර කර පිරිසිදු කර ගත් මුහුනේ ගල්වා විනාඩි 30ක් පමණ තබා ඇල් ජලයෙන් සෝදා හරින්න.

 

6. අතිශය පැහැපත් ග්ලෝවින් සමක් සහිත මුහුණක් සදහා කෙසෙල් ෆේස්ක් මාස්ක්

මෙම ෆේස්ක් මාස්ක් එක සාදා ගැනීම සදහා ඉදුණු කෙසෙල් ගෙඩි 1ක්, මී පැණි තේ හැදි 2ක්, කිරි තේ හැදි 1ක් සහ රෝස වතුර තේ හැදි 2ක් අවශ්‍ය වේ. මෙම මිශ්‍රණයේ ඇති පොටෑසියම්, විටමින් E සහ C මගින් ඉතා පහැදිළි සමක් ලබා දෙන අතර කිරි සහ රෝස වතුර මගින් අතිශය පැහැපත් ග්ලෝවින් සමක් සහිත මුහුණක් සති කිහිපයක් ඇතුළත ලබා දේ. මේ සදහා ඉහත සියල්ල භාජනයකට දමා හොදින් මිශ්‍ර කර තලපයක් සාදා මුහුනේ ගල්වා විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න. මෙය සතියකට තුන් වතාවක්වත් මාසයක් යන තෙක් සිදු කර ගත යුතුය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *