දිනපතා උදෑසන කොමඩු යුශ පානය මගින් ඔබගේ සමට සිදුවන විශේෂ දේවල් 6ක්

Beauty

බොහෝ රටවල උදෑසන කොමඩු යුශ පානය සදහා වැඩි නැඹුරුවක් දක්වයි. උදෑසන කොමඩු යුශ පානය මගින් ශරීරයට ප්‍රතිලාභ රැසක් ලබා ගත හැකිය. කොමඩු වල විටමින් A, විටමින් C, විටමින් B6, විටමින් E, නියැසීන්, ෆෝලේට්, තයිමීන්, පැන්ටොතෙනික් අම්ල, පොටෑසියම්, මැග්නීසියම්, කැල්සියම්, අයන්, ලයිකෝපීන්, ඇමයිනෝ අම්ල, සහ ප්‍රති ඔක්සිකාරක බහුලව අඩංගු වේ. විශේෂයෙන් කොමඩු වල ඇති ජලය ප්‍රමාණය ඉහළ අගයක් ගනු ලැබේ. එය සම සදහාද ඉතා වැදගත් වන අතර මොමඩු යුශ වල ඇති විටමින සහ ප්‍රති ඔක්සිකාරක මගින් පැහැදිලි පැහැපත් සමක් ලබා දෙනු ලැබේ.

බොහෝ උසස් සහ ප්‍රමිතියෙන් ඉහළ රූපලාවන්‍ය නිෂ්පාධනයන් වල කොමඩු සාරය අන්තර්ගත වේ. නිතර උදෑසන කොමඩු යුශ පානය කිරීම මගින් කුරුලෑ, අදුරු ලප කැළැල් වලින් තොර ඉතා පැහැපත් සහ පැහැදිලි සමක් ලබා ගත හැක. එපමණක් නොව කොමඩු වල ඇති විශේෂ සංයෝග සහ සංඝඨක මගින් දිගු සහ ඝනව වැඩුනු කෙස් කළඹක් ඔබට ලබා දෙනු ලැබේ. අද අප ඔබට පෙන්වන්නේ දිනපතා උදෑසන කොමඩු යුශ පානය මගින් ඔබගේ සමට සිදුවන විශේෂ දේවල් 6ක් පිළිබද විස්තරයකි.

 

1. සම වයසට යාම පමා කරයි

උදෑසන කොමඩු යුශ පානය මගින් ඔබගේ සමේ තරුණ බව රැක ගත හැකිය. අප වයසට යනවිට අපගේ සමද සාපේක්ෂව වයසට යාම සිදුවේ. එම නිසා සමේ සෛල වලට වන හානිය වැඩි වන අතර සෛල පුනර්ජනනය අක්‍රීය වේ. නමුත් කොමඩු වල සම වයසට යාම පමා කරන ප්‍රති ඔක්සිකාරක වන ලයිකොපීන්, විටමින් C සහ විටමින් A විශාල වශයෙන් අඩංගු වේ. එම නිසා කොලැජන් නිෂ්පාධනය වැඩි වන අතර වයසට යාමේදී සමේ ඇති වන වෙනස් කම් අවම වේ.

 

2. සමේ තෙතමනය රැක දේ

තෙතමනය නිසි ලෙස රදා නොපවතින වියළි සමක් මගින් සමේ නොයෙකුත් ගැටළු මතු කරන අතර කොමඩු වල 90% වඩ අන්තර්ගත වන්නේ ජලයයි. එම නිසා කොමඩු යුශ පානය මගින් ඔබගේ සමේ තෙතමනය රැක දෙන අතර සම වියළීමෙන් තොරව දිගු වේලාවක් තබා ගත හැකිය.

 

3. සමේ ඇති අධික තෙල් ගතිය පාළනය කරයි

උදෑසන කොමඩු යුශ පානය මගින් සමේ තෙල් ගතිය පාළනය කර ගත හැක. සෙබසියස් ග්‍රන්ථි මගින් සමේ තෙල් නිපධ වීම සිදු කරන අතර මෙය පාළනයකින් තොරව සිදු වුව හොත් සමේ අධික තෙල් ස්වභාවය නිසා සම අපිරිසිදු වීම සම නොයෙකුත් සමේ ගැටළුකාරී තත්වයන් මතු කළ හැකිය. නමුත් කොමඩු වල විටමින් A බහුලව අඩංගු වන නිසා සමේ සිදුරු කුඩා කර තෙල් නිපධ වීම පාළනය කරනු ලබයි.

 

4. සම රැළි වැටීම නැති කරයි

වයසට යාමත් සමග බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක් ලෙස සම රැළි වැටීම සැළකිය හැකිය. නමුත් ඔබ නිතර කොමඩු යුශ හෝ කොමඩු ආහාරයට ගන්න කෙනෙකු නම් සම රැළි වැටීම පිළිබද බිය විය යුතු නැත. කොමඩු වල සම රැළි වැටීම පාළනය කරන අත්‍යවශ්ය විටමින වර්ග සහ ප්‍රති ඔක්සිකාරක බහුලව පිහිටා ඇත. එම නිසා සම රැළි වැටීම පාළනය කරනු ලබයි.

 

5. සම පිරිසිදු කරනු ලබයි

කොමඩු මගින් ඔබගේ සම ස්වභාවිකවම පිරිසිදු කරනු ලබයි. කොමඩු වල විටමින් C බහුලව අන්තර්ගත වන නිසා ඔබගේ සම ඇතුළතින්ම පිරිසිදු කරන අතර එමගින් ඔබගේ මුහුණ නැතිනම් සම නැවුම්ව තබයි. උදෑසන කොමඩු යුශ පානය මගින් ඔබටත් ඉතා පිරිසිදු සහ පැහැපත් සමක් නැතිනම් මුහුණක් ලබා ගත හැකිය.

 

6. සමේ පැහැපත් බව වැඩි කරයි

උදෑසන කොමඩු යුශ පානය කිරීම මගින් ඔබටත් ඉතාමත් කෙටි කලකින් පැහැපත් සහ පැහැදිලි සමක් නැතිනම් මුහුණක් ලබා ගත හැකිය. කොමඩු වල පැහැපත් බව වැඩි කිරීම සදහා අවශ්‍ය වන විටමින වර්ග සහ ප්‍රති ඔක්සිකාරක වර්ග රාශියක් අඩංගු වේ. එම නිසා ඔබගේ සමට ඒකාකර පැහැපත් බවක් ලබා දෙන අතර ඉතාමත් ටික කලකින් කුරුලෑ සහ අදුරු ලප කැලැල් වලින් තොර පැහැපත් සමක් ලබා ගත හැකි‍ය. සම පැහැපත් කරන බොහෝ රූපලාවන්‍ය නිෂ්පාධන සදහා කොමඩු සාරය භාවිතා කරනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *