නිවසේ සිටින කූඹීන්, කැරපොත්තන් සහ අනෙකුත් කෘමි සතුන් පහසුවෙන් ඉවත් කර ගත හැකි සරළ ක්‍රම 5ක්

Home

වර්ථමානයේ බොහෝ නිවාස වල ඇති පොදු ප්‍රශ්ණයක් බවට කෘමි සතුන් ගහණය පත්ව ඇත. කෙතරම් රසායනික කෘමි නාශක සහ විශ ද්‍රව්‍ය භාවිතා කළත් කුහුඹීන්, කැරපොත්තන් සහ අනෙකුත් කෘමි සතුන් ඉවත් කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. කෙසේ නමුත් මෙවැනි මිනිසාට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු කෘමි නාශක භාවිතා කිරීම එතරම් නුවනට හුරු ක්‍රියාවක් නොවේ.

අද අප ඔබට පෙන්වන්නේ ඉතාම සරළ ක්‍රම කිහිපයක් මගින් සදහටම කුහුඹීන්, කැරපොත්තන් සහ අනෙකුත් කෘමීන් නිවසෙන් ඉවත් කරගත හැකි ආකාර කිහිපයක් පිළිබදවය. මෙහි විශේෂත්වය වන්නේ මෙවැනි කරදරකාරී කෘමි සතුන් නිවසින් ඉවත් කර ගැනීම සදහා භාවිතා කරන්නේ විශ රසායනයන්ගෙන් තොර ස්වභාවික ක්‍රම වේදයන්ය. පහත ඇත්තේ නිවසේ සිටින කූඹීන්, කැරපොත්තන් සහ අනෙකුත් කෘමි සතුන් පහසුවෙන් ඉවත් කර ගත හැකි සරළ ක්‍රම 5ක විස්තරයකි.

 

1. කැරපොත්තන් සදහා

කැරපොත්තන් දැකීමෙන් පවා අප්‍රසන්න හැගීමක් ඇති කරන සත්වයෙකි. නිවසේ කැරපොත්තන් ගහණ වැඩි වූ විට ඔවුන් මගින් නිවැසියන් වෙත විවිධ රෝග ව්‍යාප්ත වීම සදහා වැඩි ඉඩ කඩක් පවතී. කැරපොත්තන් විනාශ කිරීම සදහා වෙළදපොලේ විවිධාකාර විශ රසායනයන් පවතින අතර එම නිෂ්පාධන මිනිසාටද ඉතා අහිතකර වේ. අද අප ඔබට පෙන්වන්නේ ස්වාභාවික ක්‍රමයක් මගින් කැරපොත්තන් කරදරය ඉවත් කර ගන්නා ආකාරයයි. මේ සදහා ළුණු කැබලි කිහිපයක් හොදින් පොඩි කර එයට බේකින් සෝඩා තේ හැන්දක් දමා හොදින් මිශ්‍ර කර එම මිශ්‍රණය කැරපොත්තන් ගැවසෙන ස්ථාන වල නැතිනම් නිවසේ මුළු වල තබන්න. මෙසේ සතියක් පමණ කරන විට කැරපොත්තන් නිවසෙන් වදවී යනු ඇත.

 

2. මකුළුවන් සදහා

ගෙදරක තවත් ඇති කෘමි කරදරයක් ලෙස මකුළුවන් ගහණය සැළකිය හැක. බොහෝ නිවාස වල මෙම ගැටළුව ඇති අතර නිසි ලෙස මකුළුදැල් ඉවත් නොකරගත හොත් නිවැසියන් ලෙඩ රෝග වලට පවා භාජනය විය හැක. මකුළු කරදරය ඉවත් කර ගැනීම සදහා ඔබ කළ යුත්තේ ජලය මිලි ලීටර 200කට පමණ පෙපර්මින්ට් ඔයිල් බින්දු 5ක් 6ක් එකතු කර එයට රෙදි සෝදන ඩිටර්ජන් කුඩු තේ හැදි භාගයක් මිශ්‍ර කර සියල්ල හොදින් මිශ්‍ර කර ගන්න. පසුව ස්ප්‍රේ කර හැකි බෝතලයක් ගෙන එම දියරය මකුළුවන් ඇති ස්ථාන වලට ස්ප්‍රේ කරන්න. පැය කිහිපයක් ඇතුලත මකුළුවන් නිවසෙන් බැහැර වනු ඇත.

 

3. කුහුඹින් සදහා

කුහුඹීන් එක විට නිවසේ කුමන හෝ ස්ථානයකින් මතු වීමට පුළුවන. විශේෂයෙන්ම නිවසේ මුළුතැන්ගේ කුහුඹීන් වැඩි වශයෙන් බෝ වීමේ අවධානමක් ඇත. කුහුඹුවන් ඉවත් කර ගැනීම සදහා ඉතා සරළ ස්වභාවික ක්‍රමයක් භාවිතා කළ හැක. මේ සදහා අවශ්‍ය වන්නේ කුරුදු කුඩු ස්වල්පයක් පමණි. කුහුඹුවන් වැඩිපුර ගැවසෙන ස්ථාන වල කුරුදු කුඩු ස්වල්පයක් තබන්න. එවිට කුහුඹීන් නිවසින් සදහටම වදවනු ඇත.

 

4. කිනිතුල්ලන් සදහා

සුරතල් සතුන් ඇති නිවාස බොහෝමයක කිනිතුල්ලන් ගැටළුව බහුලව දැකිය හැක. ඇසට පෙනෙන්නැති තරමේ මෙම කුඩා සතුන් නිසා සතුන්ට පමණක් නොව මිනිසුන්ටද විවිධ රෝගාබාධයන් ඇති විය හැක. කිනිතුල්ලන් මගින් මිනිසුන්ට ඇති වන රෝගයන් මාරාන්තික වීමටද පුළුවන. කිනිතුල්ලන් කරදරය නැති කර ගැනීම සදහා ඔබ කළ යුත්තේ ලෙමන් ඔ‍යිල් ස්වල්පයක් ගෙන එයට විනාකිරි මිලි ලීටර 100ක් පමණ දමා තනුක කර ගැනීම සදහා ජලය ස්වල්පයක් එක් කර හොදින් මිශ්‍ර කර ස්ප්‍රේ බෝතලයකට දමා ගන්න පසුව සුරතල් සතුන් ගැවසෙන ස්ථාන වලට සහ සුරතල් සතුල් ඇල්ලීමට පෙර ඔබගේ ඇදුම් වලටද ස්ප්‍රේ කර ගන්න.

 

5. ගෙවතු පළිබෝධකයන් සදහා

කූඩිත්තන්, මයිටාවන් සහා අනෙකුත් කෘමී පළිබෝධකයන් ඔබගේ ගෙවත්තේ ඇති ශාක වලට නිතර හානි කරන කුඩා සතුන් ඛාණ්ඩයකි. මෙම පළිබෝධකයන්ගේ කරදරය ඉවත් කර ගැනීම සදහා ගම්මිරිස් තේ හැදි භාගයක් , ළුණු හෝ සුදුළුණු තේ හැදි භාගයක් දමා තලපයක් ලැබෙන සේ හොදින් බ්ලෙන්ඩර් කර ගන්න. පසුව එම මිශ්‍රණයට ජලය මිලි ලීටර 500ක් මිශ්‍ර කර බෝතලයකට දමා දවසක් පැසෙන්නට හැර ගෙවත්තේ ශාක මතට ඉස ගන්න. එමගින් ගෙවතු පළිබෝධකයන්ගේ හානිය නැති වනු ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *