ඔබ බීමට ගන්නා ජලයෙහි ගුණාත්මක බව නිවසේදීම පරීක්ෂා කළ හැකි ක්‍රම 5කි

Health

වර්ථමානය වන විට පරිසර දූශණය ඉතා සීග්‍රයෙන් වැඩි වෙමින් පවතී. මේ සදහා ප්‍රධානව බලපා ඇත්තේ වන විනාශය සහ මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ය. මෙම හේතූන් නිසාම ඉතා වේගයෙන් ජල මූලාශ්‍ර සිදීයාම ආරම්භවී ඇත. මේ වන විට පානය සදහා පිරිසිදු ජලය සොයා ගැනීම තරමක් අපහසු කටයුත්තක් බවට පත්වී ඇත. සුළු පිරිසක් හැරුණු කොට බොහෝ දෙනා පානය කරන්නේ කිසියම් ආකාරයකට දූශණය වූ පානිය ජලය වේ. අද අප ඔබට පෙන්වන්නේ ඔබ පානය කරන ජලය බීමට සුදුසු දැයි සොයා ගත හැකි සරළ ක්‍රම 5ක් පිළිබදවය.

පහත ඇත්තේ ඔබ බීමට ගන්නා ජලයෙහි ගුණාත්මක බව පරීක්ෂා කළ හැකි සරළ ක්‍රම 5කි.

 

1. ජලයේ වර්ණය පරීක්ෂා කිරීම

මේ සදහා ඔබ පානයට ගන්නා ජලය හොදින් විනිවිද පෙනෙන වීදුරු කෝප්පයකට දමා විනාඩි 2ක් පමණ නිශ්චලව තබා පසුව ම වීදුරුව හොදින් ආලෝකය ඇති ස්ථානයකට ගොස් පරීක්ෂා කරන්න. පරීක්ෂා කිරීමේදී මෙම ජල සාම්පලයෙහි වර්ණය දුඹුරු පැහැ හෝ කහ පැහැයට හුරු වර්ණයක් තිබේ නම් එම ජලය බීමට සුදුසු නොවේ. මේ සදහා හේතූන් කිහිපයක් බලපෑ හැක. ඔබේ ජල මූලාශ්‍රය ගංගාවක් හෝ ඇළ මාර්ගයක් වීම, ඔබ බීමට ගන්නා ජලය පිරිපහදුවකින් තොර වීම, ඔබ ජලය ලබා ගන්නා ටැප් එක නැතිනම් ජල කරාමයේහි ඇතුළත අපිරිසිදු වීම.

 

2. ඔබ බීමට ගන්නා ජලය ඝණ සුදු පැහැ නැතිනම් වළාකුළු පැහැයෙන් යුක්ත දැයි පරීක්ෂා කරන්න

ඔබ පානය කරන ජලය ඝණ සුදු පැහැ නැතිනම් වළාකුළු පැහැයෙන් යුක්ත දැයි පරීක්ෂා කරන්න. මේ සදහා විනිවිද පෙනෙන වතුර වීදුරුවකට ඔබ පානය කරන ජලය දමා හොදින් ආලෝකය වැටෙන ස්ථානයකට ගොස් පරික්ෂා කරන්න. පරික්ෂාවෙන් පසු එම ජලය ඝණ සුදු පැහැති නම් එයින් අදහස් වන්නේ ඔබ පානය කරන ජලය අධික රසායනික ද්‍රව්‍ය තිබෙන බවයි. මෙම රසායනික ද්‍රව්‍ය බොහෝ විට ක්ලෝරීන් විය හැක. අධික ක්ලෝරීන් සාන්ද්‍රණය මිනිසාට අහිතකර වේ.

 

3. ඔබ පානය කරන ජලයෙන් දුගදක් පැමිනෙන්නේ දැයි පරීක්ෂා කරන්න

මේ සදහා ජලය ස්වල්පයක් ඔබේ අත්ලට ගෙන පරික්ෂා කරන්න. මෙම පරික්ෂාවෙන් පසු එම ජලයෙන් සාන්ද්‍රනීය(ක්ලෝරීන් ගන්ධය) සුවදක් පැමිනේනම් එය බොහෝ විට ක්ලෝරීන් විය හැක. මේ සදහා ඔබ බිය විය යුතු නැත. නමුත් අධික ක්ලෝරීන් සාන්ද්‍රනය මිනිස් ශරීරයට අහිත කර වේ. මේ සදහා ෆිල්ටර්(ජල පිරිපහදු පෙරණය) එකක් භාවිතා වැදගත් වේ. ඔබ පරික්ෂා කළ ජලයෙන් මඩ ගදක් වැනි ගන්ධයක් පැමිනේ නම් එම ජලයට කාබනික ද්‍රව්‍ය එක් වී තිබීමට පුළුවන. ඔබ පරික්ෂා කළ ජලයෙන් කුණු වූ බිත්තරයක ගන්ධයක් පැමිනේ නම් එයින් අදහස් වන්නේ එම ජලයේ බැක්ටීරියා විශාල ප්‍රමාණයක් සිටින බවයි.

 

4. ඔබ පානය කරන ජලයෙහි රස පරීක්ෂා කර බලන්න

ඔබ බීමට ගන්නා ජලයෙහි රස පරීක්ෂාවෙන් පසු ඔබට මලකඩ රසක් දැනුනේ නම් එයින් අදහස් වන්නේ එම ජලයෙහි pH අගය අඩු බවයි. මේ සදහා ජලය පිරිසිදු කිරීමේදී එක්කරන රසායනික ද්‍රව්‍ය පමණට වඩා එක් කිරීමද බල පෑ හැක. මේ සදහා ප්‍රමිතියෙන් යුතු ෆිල්ටරයක් නැතිනම් ජල පිරිසිදු කරනයක් භාවිතය උචිත වේ.

 

5. ඔබ ජලය ගන්නා ජල කරාමය පරික්ෂා කරන්න

ඔබ නිරන්තරයෙන් ඔබ බීමට ගන්නා ජල කරාමය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ. එම ජල කරාමයෙහි ඇතුළත අපිරිසිදු හෝ මළ බැදී ඇත්නම් ඔබේ ජල ප්‍රභවය කොතරම් පිරිසිදු වුවත් ඔබට අවසානයේ ලැබෙන්නේ දුෂිත බැක්ටිරීයා හෝ දිලීර සහිත අපිරිසිදු ජලය වේ. එම නිසා ඔබේ ජල කරාමය පිරිසිදුව තබා ගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *