පිලිකාව කියල කියන්නේ ලෝකයේ බොහෝ දෙනෙකු පීඩා විදින රෝගී තත්වයක්. ඒ වගේම තමයි ලොව තියෙන දරුණු රෝගයක් කියල හදුන්වන්නට පුලුවන්. මේ වෙනකොට පිලිකා වර්ග 200 ක් පමණ හදුනාගෙන තියෙනවා. වැරදි ආහාර පුරුදු , වැරදි ජීවන පුරුදු මේ පිලිකාව ඇතිවෙන්න හේතු වන්නට පුලුවන්. පිලිකාවකින් බේරෙන්න නම් එය කල්තියා මුල් කාලයේදී හදුනාගැනීම කල යුතුය.
පස්සේ පසුතැවෙනවාට වඩා මුලින් තමන්ගේ ශරීරය ගැන සැලකිලිමත් වෙලා පිලිකාවක් කල්තියා හදුනාගැනීමෙන් එයින් මිදෙන්නට පුලුවන්. ශරීරය තුල පිලිකාවක් ඇති බවට ඉගි පල කරන සාධක 9 ක් මෙසේයි.
1. හේතුවක් නැතුව ශරීරයේ බර එක්වරම සැලකිය යුතු මට්ටමකින් අඩුවීම
බර අඩුවීම පිලිකාවක ලක්ශණයක් ලෙස හදුන්වන්නට පුලුවන්. හේතුවක් ඇතිව නොව , හේතුවක් නැතුව බර අඩුවීම තමයි පිලිකාවක ලක්ශණයක් වන්නේ. උදරයේ අන්ශෝත්රයේ , පෙනහලු වල හෝ අග්න්‍යාශයේ පිලිකා තත්ව නිසා මෙසේ විය හැකිය.
2. දිගු වේලාවක් පවතින වෙහෙස
අපි මහන්සි වෙලා වැඩ කලාම අපට වෙහෙස දැනෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් කිසිම වැඩක් නොකර , නිකරුනේ ඔබට දිගු වේලාවක් මහන්සිය දැනෙනවානම් ඒක පිලිකාවක ලක්ශණයක් ලෙස හදුන්වන්න පුලුවන්.
3. හේතුවක් නැතුව දිගින් දිගටම ලේ ගැලීම
මලපහ සමග ලේ පිටවීම ඉද හිට සිදුවිය හැක. එහෙත් මලපහ සමග නිතරම ලේ පිටවනවා නම් එය පිලිකාවක පූර්ව ලක්ශණයක් විය හැකිය.
4. බෙල්ලේ ඉදිමීම
බෙල්ලේ ඇතිවන ගැටිති දිගු කාලයක් තිස්සේ පවතින්නේ නම් එය මුඛය , ශ්වසන පද්ධතිය ආශ්රිත පිලිකාවක් නිසා වෙන්න පුලුවන්.
5. කටේ ඇතිවන සුව වෙන්නැති තුවාල
සාමාන්‍යයෙන් කටේ ඇතිවන බිබිලි , තුවාල ඉක්මනින් සුව වෙනවා. එහෙත් එසේ ඇතිවන දෑ සුව වෙන්නට අසාමාන්‍ය ලෙස වැඩි කාලයක් ගතවෙනවා නම් , එය පිලිකාවක පූර්ව ලක්ශණයක් විය හැක.
6. දිගටම තියෙන බඩ පිපුනු තත්වය
බඩ පිපීම දිගු කාලයක් තියෙනවානම් එය පිලිකා තත්වයක් වන්නත් පුලුවන්. සමහර වෙලාවට සමහර අය ගැන්ට්රයිටිස් කියල මුලින් බෙහෙත් කරල පස්සෙ තියෙන්නේ පිලිකාවක් බව හදුනාගන්නේ මෙන්න මේ තත්වයෙන්. එම නිසා ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් නිවැරදි ලෙස වෛද්‍ය උපදෙස් ලබාගන්න.
7. සමේ ඇතිවන කුශ්ට දිගු කාලයක් සුව නොවීම
සම වියලීම නිසා සමේ කුශ්ට තත්වයන් ඇති විය හැක. නමුත් එසේ ඇතිවන කුශ්ට දිගු කාලයක් සුව නොවී තියෙනවනම් වගේම ඒවා තද පැහැ වීම හා විශාල වීම සිදුවෙනවා නම් එය සමේ පිලිකා තත්වයක් නිසා සිදුවිය හැක.
8. ශරීරයේ ඇතිවන විශාල වේදනා
යම් වැඩක වැඩි වේලාවක් නිරත වීමෙන් ඇගේ පතේ වේදනා එන්නට පුලුවන්. එය සාමාන්‍ය තත්වයක්. එහෙත් එසේ නැතුව නිකරුනේ ඔබට ශරීරයෙන් වේදනා එනවානම් එය පිලිකා තත්වයක් නිසා විය හැක. දිගටම එන කොන්දේ වේදනාව , ඇගේ වේදනාව , උදරයේ වේදනාව පිලිකාවක ලක්ශණයක් විය හැක.
9. මල පහ කිරීමේ රටාව වෙනස් වීම
සාමාන්‍ය මල පහ පිටවීමට වඩා අසාමාන්‍ය ලෙස වැඩියෙන් මලපහ පිටවෙනවා නම් එය පිලිකා තත්වයක පෙර දැනුම් දීමක් විය හැකිය.