කොළ කැද පානයෙහි ඇති වැදගත්කම සහ නිවසේදීම කොළ කැද කෝප්පයක් සාදා ගන්නා ආකාරය

Health

අතීතයේ සිටම කොළ කැද පානය ලාංකික ගැමියන් අතර ඉතාමත් ජනප්‍රියත්වයට පත්වූ ඖශධීය පානයක් ලෙස හැදින් විය හැක. මෙම පානය ඖශධීය අතින් ඉතා වටිනා පානයක් නිසා මිනිසුන් නිරෝගි බව පවත්වා ගැනීම සදහා උදෑසන තේ කෝප්පය වෙනුවට කොළ කැද පානය සදහා පුරුදු වී සිට ඇත. කොළ කැද සදහා ප්‍රධානව යොදා ගනු ලබන්නේ ගොටුකොළ ශාකයයි. ගොටුකොළ වල ඇති විශේෂිත සංයෝග සහ සංඝඨක මගින් මතක ශක්තිය වැඩි කරන අතර මානසික අතතිය සහ මානසික පීඩන ඇති වීම වළක්වනු ලබයි. පොදුවේ කොළ කැද වල ප්‍රති ඔක්සිකාරක සංඝඨක, විටමින් A, E සහ C බහුලව අඩංගු වේ. උදෑසන කොළ කැද කෝප්පයක් පානය මගින් ප්‍රතිශක්තී කරනය ඉහළ යන අතර කායික සහ මානසික රෝග විශාල සංඛ්‍යාවකින් වැළකී නිරෝගී දිවිපෙවතක් ගත කිරීම සදහා කොළ කැද පානය ඉතා වැදගත් වේ.

කොළ කැද සදහා යොදා ගනු ලබන කැකුළු හාල් මගින් ආතරායිටීස් රෝගය ඇති වීම සැළකිය යුතු ලෙස අඩු කරනු ලබයි. හාතවාරිය, වැල්පෙනෙළ, ඉරමුසු, මොනරකුඩුම්බිය, පොල්පළා, කොහිළ, කරපිංචා, එළබටු, මුකුනුවැන්න, ගොටුකොළ යනුවෙන් කොළ කැද වර්ග රාශියක් ඇත. නමුත් කොළ කැද සෑදීම සදහා බොහෝ දෙනා යොදා ගනු ලබන්නේ ගොටුකොළ ශාකයයි. ගොටුකොළ වෙනුවට ඉහත සදහන් කළ ඔනෑම කොළ වර්ගයක් යොදා ගත හැක. පහත ඇත්තේ නිවසේදීම කොළ කැද කෝප්පයක් සදා ගන්නා ආකාරයයි.

1. කොළ කැද සාදා ගැනීම සදහා අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු සහල් ග්‍රෑම් 200ක්( හාල් හුන්ඩු 1ක් පමණ), ගොටුකොළ යුශ මිලිලීටර 200, පොල්කිරි මිලිලීටර 100, ලුණු ස්වල්පයක්.

2. සාදා ගන්නා ආකාරය

පළමුව කැකුළු සහල් හොදින් සෝදා ගන්න. දැන් භාජනයක් ගෙන ජලය ලීටර 1.25ක් නැතිනම් වතුර කෝප්ප 4ක් පමණ දමා මද ගින්නේ කැකුළු සහල් හොදින් බෙරිවන තෙක් තම්බා ගන්න. දැන් පොල් කිරි මිලිලීටර 100 එකතු කර මද ගින්නේ උතුරවා ගන්න. අවශ්‍ය නම් ලුණු ස්වල්පයක් දමා ගන්න. දැන් මෙම මිශ්‍රණය ලිපෙන් බා ගන්න. පසුව ගොටුකොළ යුශ මිලිලීටර 200 දමා හොදින් මිශ්‍ර කර පානය කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *