දිනකට කිහිප වරක් කෝපි පානය මගින් ඔබගේ ශරීරයට සිදුවන දේවල් 7ක්

Health

අතීතයේ සිටම මිනිසුන් කෝපි පානය සදහා පුරුදු වී සිටි බවට සාධක සහ සාක්ෂි ඔනෑ තරම් පවතී. විශේෂයෙන්ම අතීතයේ මිනිසුන් තමන්ගේ මහන්සිය නිවා ගැනීම සදහා කෝපි පානය කර ඇත. කෝපි වල විශේෂ සංයෝග සහ සංඝඨක රාශියක් අඩංගු වේ. කෝපි වල සෝඩියම්, පොටෑසියම්, විටමින් A, විටමින් D, විටමින් C, විටමින් B-6, අයන්, මැග්නීසියම්, කොබැලමීන් වැනි ශරීරයට අවශ්‍ය සංඝඨක සහ සංයෝග විශාල ප්‍රමාණයක් අඩංගු වේ. ඔබ දිනකට අවම වශයෙන් කෝපි කෝප්ප 1ක් හෝ පානය මගින් ඔබගේ ශරීරයට ප්‍රතිලාභ රාශියක් හිමි වේ.

කැෆේන් කෝපි වල ඇති ප්‍රධානම සංඝඨකව වන අතර කැෆේන් මගින් මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කරන අතර ලොව ඇති නිතී විරෝදි නොවන ප්‍රධානම උත්තේජකය කැෆේන් වේ. අනෙකුත් උත්තේජක බොහෝමයක් භාවිතා කිරීම සදහා නීතිමය අවසර ගත යුතු අතර එසේ නොමැතිනම් එම උත්තේජක නීති විරෝධි වේ. අද අප කථා කරන්නේ කෝපි පානය මගින් ඔබගේ ශරීරයට ඇති වන වාසි 7ක් පිලිබද විස්තරයකි.

 

1. කෝපි වල ඇති ප්‍රති ඔක්සිකාරක ශරීරය ලෙඩ රෝග වලින් ආරක්ශා කරයි

කෝපි වල ප්‍රති ඔක්සිකාරක රාශියක් අඩංගු වේ. මැන්ගනීස්, පොටෑසියම්, මැග්නීසියම් සහ විටමින් B2, B3, B5 යන ප්‍රති ඔක්සිකාරක කෝපි වල වැඩි වශයෙන් අඩංගු වේ. මෙම ප්‍රති ඔක්සිකාරක මගින් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන අතර ඔබේ ගත සිත නිරන්තරයෙන් ප්‍රබෝධයෙන් තබයි.

 

2. පිළිකා සෑදීමට ඇති හැකියාව අඩු කරයි

සිදු කළ නවතම පරීක්ෂනයක් මගින් හෙළි වී ඇත්තේ දිනකට කිහිප වරක් කෝපි පානය මගින් පිරිමි පුද්ගලයන්ගේ පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිතව පිළිකා ඇති වීම 20%කින් පහළ දමන බවත් කාන්තාවන්ගේ ගර්භාශයේ පිළිකා ඇති වීම 25 % කින් පහළ දමන බවත්ය. එපමනක් නොව කෝපි වල ඇති සුවිශේෂි සංඝඨක සහ සංයෝග මගින් මහ බඩවැළ පිළිකා, අක්මා පිළිකා, පියයුරු පිළිකා සහ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා සෑදීමට ඇති හැකියාව විශාල ලෙස පහළ හෙලන බව පරීක්ෂන වලින් සොයා ගෙන ඇත.

 

3. දියවැඩියාව පාලනය කරයි

කෝපි වල ඇති විශේෂ සංඝඨක මගින් ඉන්සියුලීන් නිෂ්පාධනය ඉහළ දමන අතර දියවැඩියාව සෑදීමට අවශ්‍ය කරන සාධක අවම කරනු ලබයි. විශේෂයෙන්ම දෙවෙනි අවධියේ පවතින දියවැඩියා තත්වය සදහා කෝපි පානය ඉතා සුදුසු වේ.

 

4. මානසික පීඩන සහ ආතතිය අඩු කරයි

අධික කාර්යබහුල බව සහ මානසික ගැටළු මානසික අවපාතයක් දක්වා වර්ධනය විය හැක. මෙම තත්වයන් ඔබව මානසිකව සහ කායිකව පිරිහීමට ලක් කරන අතර නිසි වෛද්‍ය ප්‍රතිකාර නොගත හොත් දරුණු මානසික රෝගයක් දක්වා වර්ධනය විය හැක. නමුත් කෝපි වල ඇති කැෆේන් සංඝඨකය මගින් ඔබගේ මධ්‍ය ස්නායු පද්ධතිය උත්තේජනය කරන අතර නියුරෝන වල ක්‍රියාකාරීත්වය වැඩි කිරීම මගින් නිරවුල් මනසක් සහ ප්‍රබෝධමත් දිනයක් ගත කිරීමට අවශ්‍ය වන හොර්මෝන වන සෙරොටීන්, ඩොපැමීන් සහ නොරැඩ්‍රලීන් යන හොර්මෝන මොළයට නිදහස් කරයි. මෙමගින් ඔබගේ මූඩ් එක නැති නම් මනෝ භාවය වෙනස් වන අතර ඔබගේ දිනය කඩිසරව සහ සතුටින් ගෙවා දැමීම සදහා මෙය වැදගත් වේ.

 

5. හදවත් රෝග වලින් ආරක්ෂා කරයි

දවසට කෝපි කෝප්ප 2ක් හෝ 3ක් පානය මගින් හදවත් රෝග ඇති වීමේ හැකියාව සහ කිරීටක ධමණි වල ලේ කැටි හිර වීම, සැළකිය යුතු ලෙස පහළ යන බව පරීක්ෂන වලින් සොයාගෙන ඇත.

 

6. අනවශ්‍ය බර ශරීරයෙන් ඉවත් කරයි

විනාඩි 30ක් ව්‍යායාම කිරීමෙන් දහනය වන මේද ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් දිනකට කෝපි කෝප්ප 3ක් 4ක් පානය මගින් දහනය වන බව පරීක්ෂණ වලින් සොයාගෙන ඇත. විශේෂයෙන්ම බ්ලැක් කොෆි(සිනී රහිතව) පානය කිරීම මගින් ශරීරයේ අභ්‍යන්තර පරිවෘත්තීය ක්‍රියා වල ක්ශමතාව 50%කින් පමණ ඉහළ දමන අතර මෙම ක්‍රියාවලිය මගින් ශරීරයේ ඇති අනවශ්‍ය මේදය විශේෂයෙන්ම උදරය ආශ්‍රිතව ඇති වැඩිපුර මේදය දහනය කරන අතර එමගින් ඔබගේ සිරුරේ ඇති අනවශ බර නැතිනම් තරබාරු බව නැති කර ගත හැක.

 

7. උදරය පිරිසිදු කරයි

කෝපි ඩියුරෙටික් පානයක් ලෙස හැදින්වේ. එනම් ඔබ කෝපි පානය කළ විට විශේෂයෙන්ම බ්ලැක් කොෆි(සීනි රහිතව), ඔබගේ මුත්‍රා නිපදවීම වේගවත් වන අතර බොහෝ විට බ්ලැක් කොෆි වීදුරුවක් පානය කළ විට ඔබට මුත්‍රා පිටකිරීමට ඇති අවශ්‍යතාව වැඩි වේ. මෙලෙස මුත්‍රා පිට කිරීම මගින් අපගේ උදරයේ ඇති විශ ද්‍රව්‍ය සහ අහිතකර බැක්ටීරියා ශරීරයෙන් ඉවත් වන අතර මෙමගින් ඔබගේ උදරය පිරිසිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *