ඔබගේ මුහුණ ලස්සන කරගැනීම සදහා කලහැකි සරළ ව්‍යායාම 5ක්

Beauty Health

බොහෝ පුද්ගලයන් විශේෂයෙන්ම කාන්තාවන් තමන්ගේ ලස්සන වැඩි කර ගැනීම සදහා නොයෙකුත් දේවල් කිරීමට පෙළඹී සිටී. මේ සදහා වැඩි වශයෙන් රසායනික ද්‍රව්‍ය අඩංගු ආලේපන භාවිතා කරන අතර මෙම බොහෝ ආලේපන ඵලදායී ඒවා නොවන අතර සමට අහිත කර වේ. පසු කාලීනව සමේ විවිධ ආසාධන සහ රෝග ඇතිවීම සදහා මෙම රසායනික ආලේපන හේතු විය හැක.

අද අප ඔබට පෙන්වන්නේ කිසිම රසායනික ද්‍රව්‍යක් හෝ කිසිම ආලේපනයක් හෝ භාවිතා නොකර ඔබගේ මුහුණ ලස්සන කර ගත හැකි ක්‍රමයකි. මේවා ඉතා විශේෂ මුහුණ සදහා ඇති ව්‍යායාම වන අතර වෛද්‍යවරු විසින් මෙම ව්‍යයාම වල ඵලදායීතාවය තහවුරු කර ඇත. වයසට යාමත් සමග සමේ ඇති වන ගැටළු සියල්ලම පාහේ මෙම ව්‍යායාම මගින් අවම කර ගත හැක. පහත ඇත්තේ ඔබගේ මුහුණ ලස්සන කරගැනීම සදහා කලහැකි සරළ ව්‍යායාම 5කි.

මෙම ව්‍යායාම කිරීමට පෙර ඔබගේ මුහුනේ මාංශපේශීන් උත්තේජනය නැතිනම් උණුසුම් කර ගත යුතුය. එය සිදු කර ගන්නේ මෙසේය. පළමුව ඔබ පහසු ආකාරයට සිටගන්න, දැන් ඔබේ කොන්ද කෙලින් තබාගෙන නැගිටීම සහා සිට ගැනීම සිදු කරන්න, මෙය කරන අතරම ඔබේ මුවින් පහත ස්වර වේගයෙන් උච්චාරනය කරන්න “I,” “O,” “E,” සහා “A” (අයි,ඕ,ඊ,ඒ). ඔබේ මුහුණ උණුසුම් වන තෙක් මෙම ව්‍යායාමයේ යෙදෙන්න. පසුව පහත ඇති ව්‍යයාම වල යෙදෙන්නෙ.

 

 

1 ක්‍රමය

මෙම ව්‍යායාමය ඔබේ හිසේ මාංශ පේශීන් වලට ඉතාමත් වැදගත් වේ. මෙමගින් ඔබේ මුහුණ අවපැහැ ගැන්වීම අඩුකර ගත හැක. පළමුව කෙලින් සිට ගන්න දැන් ඔබේ කන් ඔබේ උරහිසේ ගෑවෙන ලෙස රූපයේ ආකාරයට පහතට ගෙන එන්න, එය තප්පර 10ක් රදවා තබා ගෙන මුදා හරින්න.

 

2 ක්‍රමය

පළමුව කෙළින් සිටගන්න, පැන්සලක් ගෙන ඔබේ තොල් දෙකේ හොදින් සිර කර ගන්න. දැන් ඔබේ හිස නොසොල්වා ඔබේ නම තොල් දෙක ආධාරයෙන් රූපයේ ආකාරයට හිස් අවකාශයේ ලිවීමට උත්සහා කරන්න,මෙලෙස 5ස් 6 වථවක් කිරීමට උත්සහා කරන්න.

 

3 ක්‍රමය

මෙය ඉතාමත් ප්‍රතිපලදායි ව්‍යායාමයකි. මෙම ව්‍යායාමය ඔබේ මුහුනේ මංශපේශීන් වල ඉලාස්ටික් භාවය නැතිනම් ඇදෙන ගතිය ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට ඉවහල් වේ. මෙම ක්‍රියාකාරකමේදී ඔබේ හිස කෙලින් තබා ගැනීමට වග බලා ගන්න. දැන් ඔබේ උඩු තොල මගින් ඔබේ පහත තොල හොදින් ඇදෙන ලෙස තල්ලු කරන්න.මෙය 5ස් 6 වතාවක් කිරීම ප්‍රමාණවත් වේ.

 

4 ක්‍රමය

පළමුව පහසු ක්‍රමයකට හිදගන්න, දැන් ඔබේ හිසේ පසු කොටස ඔබේ කොන්දේ ගෑවෙනසේ තබා ගන්න දැන් ඔබගේ යටි තොල රූපයේ අකාරයට හැකිතාක් උඩට ගෙන ඒමට උත්සහා කරන්න, තප්පර 10ත් 15ත් අතර කාලයක් එසේ තබා ගැනීමට උත්සහා කරන්න, අවම වශයෙන් වට 3ක් හෝ 4ක් සිදු කළ යුතුය.

 

5 ක්‍රමය

මෙය අවසාන සහා කිරීමට තරමක් අපහසු ව්‍යායාමයක් වේ. මෙමගින් ඔබේ දිවේ සහා ඔබේ හකු ප්‍රදේශයේ මාංශපේශීන් ශක්තිමත් කරයි. රූපයේ ආකාරයට ඔබේ හකු ප්‍රදේශය යටින් ඔබේ අත්දෙක තබා ගන්න, දැන් ඔබේ හකු ප්‍රදේශයට ඔබේ අත්දෙක මගින් අයාසයක් ලබා දෙන්න, දැන් ඔබේ දිව මගින් ඔබේ යටි තොල ඉදිරියට ගෙන ඒමට උත්සහා කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *