සම වයසට යාම මන්දගාමි කර ඔබේ සම(මුහුණ) පැහැපත් කරන විටමින් සහ අම්ල වර්ග 10ක් සහ ඒවායේ විස්තර

Beauty Health

ප්‍රධාන වශයෙන්ම විටමින් වර්ග සම වයසට යාම මන්දගාමි කරන අතර ඔබගේ සම නැතිනම් මුහුණ පැහැපත් සහ නිකැළැල් කර ගැනීම සදහා විටමින් වර්ග අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම ඔබ වයසට යාම ප්‍රධානව ඔබට දැක ගත හැක්කේ අවුරුදු 30න් පමණ පසු ඔබ වයසට යාමත් සමග ඔබේ කොලැජන් නිපදවීම මන්දගාමී වී සම හැකිළීමට පටන් ගැනීම සිදු වේ. නමුත් මෙම වයසට යාම මන්දගාමි කර ගැනීමට ඔබට පුලුවන. සමට අත්‍යවශ්‍ය විටමින් වර්ග සහ අමිල වර්ග මගින් ඔබේ සම වයසට යාම මන්දගාමි කර ගත හැක. මෙම විටමින වර්ග අඩංගු ආලේපන හෝ රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමේදී තත්වයෙන් උසස් ආලේපන මිලදී ගැනීමට සැළකිලිමත් වන්න.

විටමින් සහ අම්ල මගින් ඔබගේ සමේ නිරෝගි බව තහවුරු කරන අතර කුරුළෑ සහ අදුරු ලප කැළැල් වලින් තොර පැහැදිලි සහ පැකැපත් නිකැළැල් සමක් ඔබට ලබා දේ. විශේෂයෙන්ම මෙම අම්ල සහ විටමින වර්ග නිසි ආකාඅරයෙන් සමට නොලැබුණු විට සමේ විවිධ ගැටළු තත්වයන් මතුවේ. අද අප ඔබට පෙන්වන්නේ සම වයසට යාම මන්දගාමි කර ඔබේ සම(මුහුණ) පැහැපත් කරන විටමින් සහ අම්ල වර්ග 10ක් සහ ඒවායේ විස්තරයකි.

 

1. විටමින් A

විටමින් A නැතිනම් රෙටිනෝල් යනු ඉතාමත් ප්‍රභල ඇන්ටි ඒජින් නැතිනම් සම වයසට යාම පමා කරන විටමින් වර්ගයකි. විශේෂයෙන්ම සමේ පැහැපත් බව වැඩිකර ගැනීම සදහා සහ සමේ ඉලාස්ටික් ගතිය නැතිනම් සමේ ඇදෙන බව වැඩි කර ගැනීම සදහා විටමි A වැදගත් වේ. විටමින් A අඩංගු ආලේපන සහ අනෙකුත් රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කළ යුත්තේ රාත්‍රී කාලයේදී නින්දට පෙරය. ආලේපන වලට අමතරව තලපත් මාළු, බටර්, චීස්, කැරට්, බතල, නිවිති වැනි ආහාර වල විටමින් A බහුලව පවතී.

 

2. විටමින් B5

පැන්තිනෝල් සහ පැන්තොතෙනික් අම්ල ලෙස විටමින් B5 හදුන්වනු ලබයි. සමේ සහ හිසකෙස් වල පෝෂණය සදහා අත්‍යවශම විටමින් වර්ගයකි. විටමින් B5 මගින් සම සුසිනිදු කරන අතර සමේ මොයිචරයිසින් ගතිය වැඩිකර තෙතමනය රදවා ගනී. සමේ නැතිනම් මුහුනේ ඇතිවන තුවාළ ඉක්මනින් සුව වීම සදහාද විටමින් B5 වැදගත් වේ. විශේෂයෙන්ම වියළි සහ නිතර කසන හෝ සුළු ආසාධන තත්වයන් ඇති සම වල් සදහා විටමින් B5 ඉතා ප්‍රොයෝජන දායක වේ. ආලේපන වලට අමතරව විටමින් B5 අඩංගු ආහාර වර්ග වන්නේ අලිගැටපේර, හතු, බතල, ඇට වර්ග, පරිප්පු, කිරි, බිත්තර.

 

3. විටමින් C

විටමින් C සම පැහැපත් නැතිනම් සම ලයිට්නින් කරන ප්‍රධානතම විටමින් වර්ගය ලෙස හැදින්විය හැකිය. තවද ඩාර්ක් ස්පොට් නැතිනම් අදුරු කැලැල් වලට එරෙහිව ක්‍රියා කරන ප්‍රධානතම විටමින වර්ගය ලෙසද විටමින් C හැදින්විය හැකිය. විටමින් C මගින් කොලැජන් නිෂ්පාධනය වැඩි කරන අතර සමේ පැහැපත් බව ඒකාකාරව පවත්වාගෙන යනු ලබයි. විටමින් C අඩංගු ආහාර වර්ග වන්නේ අඹ, දොඩම්, ස්ට්‍රෝබෙරි, අන්නාසි, මල් ගෝවා, නිවිති, තක්කාලි.

 

4. විටමින් E

ටොකොපීරෝල් නැතිනම් විටමින් E වල ප්‍රති ඔක්සිකාරක සංයෝග රාශියක් අඩංගු වේ. විශේෂයෙන්ම සමේ ඇති අදුරු කැළැල් ඉවත් කර ගැනීම සදහා සහ සමේ නැතිනම් මුහුනේ වියළි බව නැති කිරීම සදහාද විටමින් E ඉතා වැදගත් වේ. තවද අහිතකර හිරු කිරණ වලින් සමට ඇති බලපෑමද විටමින් E මගින් අවම කරනු ලබයි. විශේෂයෙන් වයසට යාමේදී සම රැළි වැටීම විටමින් E මගින් අවම කරනු ලබයි. විටමින් E අඩංගු ආහාර වන්නේ අමන්ඩ්, රටකජු, අලිගැටපේර, බටර්, සැමන්, අඹ.

 

5. ෆෝලික් අම්ලය

ෆෝලික් අම්ලය මගින් පැහැපත්, සුසිනිදු සහ නිරෝගි සමක් ඔබට ලබ දේ. ෆෝලික් අම්ල වල ප්‍රති ඔක්සිකාරක විශාල ප්‍රමාණයක් අඩංගු වේ. එම නිසා සම වයසට යාම පමා කරන අතර සමේ වර්ණය එකාකාරව පවත්වාගෙන යාමට උපකාරි වේ. ඇන්ටි ඒජින් ආලේපන වර්ග වල ෆෝලික් අම්ලය බහුල වශයෙන් අඩංගු වේ. ආලේපන හැරුණු විට ෆෝලික් අම්ලය අඩංගු ආහර වර්ග වනුයේ ගස්ලඹු, මිදි, ස්ට්‍රෝබෙරි, කොළ පැහැති පළා වර්ග, පරිප්පු, බිත්තර, බීට් රූට්, ලෙමන්, දොඩම්.

 

6. ප්‍රෝ බයෝටික්

සිනිදු සහ පැහැපත් දිදුළන සමක් ලබා ගැනීම සදහා ප්‍රෝ බයෝටික් ඉතා වැදගත් වේ. ප්‍රෝ බයෝටික් යනු මිනිස් ශ‍රීරයට හිතකර බැක්ටීරියා විශේෂයක් වන අතර මෙම බැක්ටීරියාව සම මතුපිට සහ සම ඇතුළත ඇති සමට අහිතකර බැක්ටීරියා විනාශ කරන අතර සමේ කුරුළෑ සහ අනෙකුත් ආසාධන සදහා හේතු වන බැක්ටීරියා සමෙන් ඉවත් කරයි. ප්‍රෝ බයෝටික් අඩංගු ආහාර වන්නේ යෝගට්, චීස් වර්ග, ඔලිව්.

 

7. ඔමේගා 3 සහ මේද අම්ල

බොහෝ මේදය ශරීරයට අහිතකර වුවත් ඔමේගා 3 සහ මේද අම්ල සමේ ලස්සන සහ ගුණාත්මක බව වැඩිකර ගැනීම සදහා ඉතා වැදගත් වේ. ඔමේගා 3 සහ මේද අම්ල මගින් සම වයසට යාමේදී සමේ ඇති වන රැළි වැටීම අවම කරන අතර විශේෂයෙන්ම ඔමේගා 3 මගින් සමේ තෙතමනය ඒකාකාරව පවත්වාගෙන යාම සදහා උපකාරි වේ. ඔමේගා 3 සහ මේද අම්ල අඩංගු ආහාර වන්නේ වෝල්නට්, ටෝෆු, සැමන්, තලපත්, සෝයා බෝංචි.

 

8. විටමින් K2

විටමින් K2 මස් සහ කිරි ආශ්‍රිත නිෂ්පාධන වල බහුලව අඩංගු වේ. විටමින් K2 මගින් කොලැජන් නිෂ්පාධනය වැඩි කිරීම මගින් සමේ තරුණ බව රැක දේ. විටමින් K2 මගින් සමේ ඉලාස්ටික් නැතිනම් සමේ ඇදෙන ස්වභාවය වැඩි කරන අතර සමේ පැහැපත් බව ඒකාකරව පවත්වාගෙන යාම සදහා උපකාරි වේ.

 

9. ඇල්ෆා ලිපොයික් අම්ල

ඇල්ෆා ලිපොයික් අම්ලය ප්‍රති ඔක්සිකාරකයක් වන අතර සමේ ප්ලාස්මා පටලටය සිදු වන හානිය අවම කර සම වයසට යාම පමා කරවයි. ඇල්ෆා ලිපොයික් අම්ල සමේ ලයිට්නින් ගතිය වැඩි කරන අතර රංවන් පැහැ සමක් ඔබට හිමි කරදීම සදහා ඇල්ෆා ලිපොයික් අම්ලය ඉතා වැදගත් වේ. අලේපන වල හැරුණු කොට මෙම අම්ලය බහුලව ඇති ආහාර වන්නේ බීට්, තක්කාලි, අල, කැරට්, රතු මස් වර්ග.

 

10. විටමින් D

විටමින් D අහිතකර පාරජම්බුල කිරණ නැතිනම් UVB කිරණ මගින් සමට ඇතිවන අහිතකර බලපෑම් අවම කරනු ලබයි. තවද සමේ නැතිනම් මුහුනේ ඇති හානියට පත් සෛල ප්‍රතිස්ථාපනය කරන අතර මුහුනේ කුරුළෑ ඇති වීම වළක්වනු ලබයි. විටමින් D මගින් මෙලනින් නිෂ්පාධනය ඉහළ දමන අතර එම නිසා හිරුඑළියෙන් සමට ඇති බලපෑම් අවම වේ. අල්ලෙපන වර්ග හැරුනු විට විටමින් D අඩංගු ආහාර වන්නේ සැමන්, සර්ඩින්, සමහර හතු වර්ග, බිත්තර කහ මදය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *