වැඩිපුර ජලය පානය මගින් ශරීරයට ලැබෙන වාසි 10ක්

Health

මිනිස් ශරීරයේ 60% ක ප්‍රමාණයක් ඇත්තේ ජලයයි. ශාකයක 71%ක් ම ඇත්තේද ජලයයි. මිහිපිට වෙසෙන ජීවීන් සියල්ලටම පාහේ ජලය තම ජීවිතය පවත්වාගෙන යාම සදහා අත්යාවශ්‍ය දෙයකි. විශේෂයෙන්ම මිනිසුන්ට ජලය නොමැතිව පැය කිහිපයකට වඩා සිටිය නොහැකිය. තවද අපගේ රුධිර සංයුතියෙන් 90%ක ප්‍රමාණයක්ද ඇත්තේ ජලය වීම තවත් සුවිශේෂි කරුණකි. මෙම සියළු දේවල් වලින් අවධාරනය වන්නේ මිනිසාට ජලය කොතරම් වැදගත්ද යන්නයි.

අද අප ඔබට ගෙන එන්නේ වැඩිපුර නැතිනම් අවශ්‍ය ලෙස ජලය පානය මගින් ශරීරයට ලැබෙන වාසි 10ක් පිළිබද විස්තරයකි. ශරීරයේ ජලය ප්‍රමාණවත් ලෙස නොමැති විට ඔබගේ ශරීරයේ සිදුවන සියලුම ක්‍රියාවලි පාහේ අඩපණ වීමට පුලුවන. වෛද්‍ය වරුන් පවසන ආකාරයට දිනකට පිරිමි පුද්ගලයකු ජලය ලීටර 3.7ක් පානය කළ යුතු අතර ගැහැණු පුද්ගලයකු දිනකට ජලය ලීටර 2.7ක් පානය කළ යුතු වේ. මෙලෙස අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කිරීම මගින් ශරිරය වියළීමෙන් වළකින අතර ශරීරයේ සිදුවන සියලු ක්‍රියාවලි ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හැකිය. පහත ඇත්තේ වැඩිපුර ජලය පානය මගින් ශරීරයට ලැබෙන වාසි 10කි.

 

1. අවශ්‍ය ලෙස ජලය පානය මගින් ඛේඨට සහ තරල නිෂ්පාධනය වැඩිවන අතර ප්‍රමාණවත් ලෙස ඛේඨය ශරීරයේ පැවතීම මගින් නාසය, මුඛ්‍ය, ඇස් වියළීමෙන් වලකින අතර ප්‍රමාණවත් ඛේඨය මගින් ආහාර ජීර්ණය පහසු කරවයි. තවද ජලය මගින් ඔබගේ මුඛ්‍ය පිරිසිදු කරන අතර දත් දිරායාමද අවම කරනු ලබයි.

 

2. ප්‍රමාණවත් ලෙස ජලය පානය මගින් ශරීරය පුරා ඔක්සිජන් බෙදා හැරීම ක්‍රමවත් කරවයි. අපගේ රුධිරයේ 90%ක්ම ඇත්තේ ජලයයි. රුධිරය මගින් ශරීරයේ සෑම කොටසක් සදහාම ඔක්සිජන් පරිවහණය සිදු කරයි. ප්‍රමාණවත් ජලය පානය මගින් ඔක්සිජන් පරිවහණය පහසු කරවයි.

 

3. නිසි ලෙස ජලය ශරීරයේ පැවතීම මගින් ඔබගේ ශරීරයේ ඇති විශාලම ඉන්ද්‍රිය වන සම වියලීමෙන් වළකින අතර සමේ පැහැපත් බව, සමේ විවිධ ආසාධන සහ සමේ කැළැල් ඇති වීම වළක්වනු ලබයි.

 

4. වැඩිපුර ජලය පානය මගින් මොළයෙහි, සුෂුම්නාවෙහි සහ සංවේදී පටක වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි. එම නිසා හොර්මෝන නිෂ්පාධනය වැඩි වන අතර ස්නායු සම්ප්‍රේෂක වල ක්‍රියා කාරීත්වය වැඩි වේ. ඔබ දිනකට අවශ්‍ය ලෙස ජලය පානය නොකළ හොත් මෙම ක්‍රියාවලි සියල්ල අඩපණ විය හැක.

 

5. ශරීරයේ උෂ්ණත්වය පාළනය සදහා අවශ්‍ය ලෙස ජලය පානය කිරීම ඉතා වැදගත් වේ. ජලය ඔබගේ සමෙහි මධ්‍ය ස්ථරයෙහි ගබඩා වන අතර ශරීර උෂ්ණත්වය වැඩි වූ විට මෙම ජලය, ශරීරය සිසිල් කරනු පිණිස සම මතුපිටට දහඩිය ලෙස පැමින වාශ්ප වේ.

 

6. ආහාර ජීර්ණය ක්‍රමවත් ලෙස සිදුවීම සදහා ජලය ඉතා වැදගත් වේ. ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම මගින් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව ගැටළු ඇති විය හැක. විශේෂයෙන් නිසි ලෙස ජලය පානය නොකිරීම මළ බද්ධය සදහා හේතු විය හැක. තවද ඔබේ බඩේ ආම්ලිකතාවය වැඩි වීම නිසා අජීර්ණ තත්වයන් ඇති වීම සහ ආහාර මාර්ගය ආශ්‍රිත පිළිකා තත්වයන් ඇති වීමේ හැකියාවද පවතී.

 

8. ශරීරයේ විශ ඉවත් කිරීම සදහා දායක වේ. ඔබ ගන්නා ආහාර, බීම වර්ග සහ අනෙකුත් හේතූන් නිසා ශරීරයට විශ ඇතුළු විය හැක. ශරීරයෙන් විශ ඉවත් කිරීමේදී ජලය ඉතා හොද කාර්යභාරයක් ඉටු කරයි. වැඩිපුර ජලය පානය කළ විට දහඩිය සහ මුත්‍රා මගින් ශරීරයේ ඇති විශ බැහැර කරනු ලබයි.

 

9. ජලය මගින් වකුගඩු වල තරළ නියාමනයක් සිදු කරන අතර නිසිලෙස ජලය පානය නොකිරීම මගින් වකුගඩු වල ක්‍රියාකාරීතවයට හානි සිදු විය හැකිය. විශේෂයෙන්ම ප්‍රමාණවත් ජලය ශරීරයේ නොමැතිවිට වකුගඩු වල ගල් ඇති වීමේ හැකියාව ඉතා ඉහළය.

 

10. සන්ධි වල ඇති කාටිලේජ සහ සුෂුම්නාවේ ඇති ඩිස්ක් වල 80% ඇත්තේ ජලයයි. දීර්ඝකාලීනය අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීම මගින් සන්ධි වල ඇති මෙම කාර්ටිලේජ කොටස් විජලනයට ලක්විය හැක. එම නිසා සන්ධි වල වේදනා සහ සන්ධි ආශ්‍රිතව අනෙකුත් රෝගාබාධයන් ඇති විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *